ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් මරු මුවට පත්ව ඇති බව වාර්තා වේ.
මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති වෛද්‍ය පද්ම ශාන්ත මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරිණි.
පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත මහතා ඊයේ (09) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
දෙදරු පියෙක් වන වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් වෛරසයෙන් ජනතාව බේරාගැනීමට බොහෝ කැපවී සේවය කළ අයෙකු වන අතර කෑගල්ල දිස්ත්‍රික්කය තුළ නොයෙකුත් තනතුරු දරමින් සේවය කර ඇති බවද වාර්තාවේ.ඒ මහතාගේ අවසන් කටයුතු අද (10) මහනුවර, මහයියාව ආදාහනාගාරයේ දී සිදුකෙරිණි.
මේ අතර කෑගල්ල මහ රෝහලේ ගැබිනි වාට්ටුවේ හෙදියක් ඇතුළු හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ද කොවිඩ් ආසාදිත බවට මාධ්‍යය වාර්තා පළවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...