ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරණ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට තම කාර්ය සාර්ථකව ඉටුකිරීම සඳහා අවශ්‍යය පුහුණුව ලබා දීමට එක්සත් ජාතීන්ගේ අන්තරාකාරී ඖෂධ සහ අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
එම කටයුතු සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින බවද වාර්තා වේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කිරීමට බලපෑම් කිරීම , ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පිරිස් මහේස්ත්‍රාත්වරයෙකුගේ අධීක්ෂණය යටතේ කිරීම සඳහා අපරාධ විධි විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සහ මානව හිමිකම් පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍යය නොවන සංවිධානයකට රාජ්‍යය බලය පැවරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනත් ඉදිරිපත් කිරීම ආදී සියල්ල එක් අරමුණක් සඳහා යොදා ගන්නා විවිධ උපාංග බවට විද්වතුන් මත පළ කරති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...