ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ හදිසි රැස්වීමක් අද (11) දින දහවල් කැඳවා ඇති බව වාර්තා වේ. 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළීබඳ සාක්ච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.
මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් සිටින දැවැන්ත ජයග‍්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත.
‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති මෙම සටහනට අති මහත් ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ.
දේශීය පුවත්
2018 පළාත් පාලන මැතිවරණයේ දැනට නිකුත්වෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල සහ නිල නොවන මට්ටමින් මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශිෂ්ඨ ජනවරමක් ලැබෙනු ඇතැයි වාර්තා වේ. පළාත් පාලන ආයතන 340න් 250 ක් 275 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති බවට නිල ...
මොණරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10යේම බලය දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී තිබෙන බව වාර්තා වේ.
2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මුලින්ම අමාත්‍යවරුන් 06 දෙනෙකු පමණ ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සුදානමින් ...
කළුතර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇතිබවට වාර්තාවේ.
පසු ගිය දිනවල පුංචි ඡන්ද වේදිකාවේ රඟදැක්වූ ප්‍රධාන නාඩගම බවට පත්වූයේ බැදුම්කර මගඩියයි. ඒ මඟින් රටේ ජනතාව මුහුණ දෙන සෙසු බරපතළ ගැටලු පිළිබඳ සංවාදය යටපත් වූ බව පැහැදිලි ව පෙනුනි. බැඳුම්කර සංවාදයට ප්‍රධාන දායකත්වය සැපවූයේ එම මගඩියට වගකිව යුතු පාර්ශ්ව විසිනි. එනම් ආණ්ඩුවේ පාර්ශව දෙක වන ශ්‍රී ලංක...
කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගර සභාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව වාර්තා වේ.
මහරගමට පොහොට්ටුව වෙනුවට මෝටර් බයිසිකලෙන් පැමිණි කණ්ඩායම මහරගම මහ නගරසභාවේ සියළු කොට්ඨාස ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගරසභාව හැර සෙසු සියළුම පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බවට වාර්තාවේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 න් 10 ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වේ. ඒ අනුව කොළඹ මහනගර සභාව, කොළොන්නාව නගර සභාව හැර කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් සියළුම පාළාත් පාලන ආයතන සියල්ලම ජයග්‍රහණයකර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.
මේ අවස්ථාවේදී ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි
අම්පාර මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන ආයතන 07 ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව වාර්තා වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 21 ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇතිබව වාර්තා වේ.
මාතර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන එනම් පළාත් පාලන ආයතන 16යේම බලය දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී තිබෙන බව වාර්තා වේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහනගරසභාව හැර අනෙකුත් සියළුම පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇත
මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව වාර්තාවේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව වාර්තාවේ. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල නගරසභාව හැර සියළුම පළාත් පාලන ආයතනවල බලයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බවට වාර්තා වේ.
රාත්‍රි 9.00 ට පමණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කරන බව ස්වාධින මැතිවරණ කොමිසම ප්‍රකාශ කළද තවමත් නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදවන්නේ ඇතැම් ප්‍රදේශවල යළි ඡන්ද ගණන් කරන ලෙසට ඇතැම් දේශපාලන පක්ෂ විසින් ඉල්ලා ඇති නිසා බවට තොරතුරු වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...