දේශීය පුවත්

වසර විසිතුනක් තිස්සේ පැවති තම වැටුප් විෂමතාව ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් සංවිධානය කර මහනුවර සිට කොළඹ බලා ගමන් ආරම්භ කර තිබූ විරෝධතා පා ගමන නවතා දමා ඇති බව වාර්තා වේ.

සංවිධායකයන් පවසන්නේ පස්යාල ප්‍රදේශයේදී මෙම විරෝධතා පෙළපාලිය නවතා දමා ඇත්තේ පවතින කොරෝනා තත්වය ගැන සැලකිල්ලට ගනිමින් බවයි.

කේසේ වුවද පා ගමන සඳුදා දිනයේ කොළඹට පැමිණ විරෝධතාවක් පැවැත්වීමටද සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබුණි.

එම වෘත්තීය සමිති වලට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ කොරෝනා ව්‍යාප්තිය මැද විරෝධතාවය පැවැත්වීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරුන් අතර දැඩි මතබේදාත්මක තත්වයක් ඇති වී තිබූ බවත් පා ගමන හා එක්වීමට පිරිස් සොයා ගැනීමටද අපහසු වී තිබූ බවත්ය.



One thought on “ගුරු විදුහල්පති විරෝධතා පා ගමන අතර මග නවතා දමති!”

  1. ප්‍රමාද වී හෝ ගුරැභවතුන් විසින් මෙලෙස උද්ගෝෂනය නවතා දැමීම පිලිබදව කෟතවේදී වෙමු. මුලු ලංකාව පුරා මේ වන විටත් සිදුවිය හැකි හානිය සිදු වී හමාරය. එහි වගකීම මෙවන් වගකීම් විරහිත සංගම් නායකයන් විසින් භාරගත යුතුය

Leave a Reply to Sunil Chandrakumara Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More