ජාතික සංවිධාන එකමුතුවේ මූලස්ථානයේදී පසුගියදා පැවැති මාධ්‍යය සකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍යය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ ජෙයරාජ් පලිහවඩන නැමැති ලන්ඩන් නගරය ආශ්‍රිතව ජීවත්වන ශ්‍රී ලාංකික දේශ ප්‍රේමියා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ එක්සත් රාජධානි ශාඛාවේ ලේකම් දූරය දරනවා. එසේම ඔහු “ලංඩන් ඉනීශියේටිව්” සංගමයේ සභාපති දූරයද දරනවා. ජෙයරාජ් පලිහවඩන මහතා පසුගිය 46වන ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් “ලංඩන් ඉනීශියේටිව්” හි “ෆේස් බුක්” පිටුවේ පලකර තිබුණා. එම වාර්තාව පසුගිය ආණ්ඩුව පිළිගත්ත OISL වාර්තාව පාදක වුන දරුස්මාන් වාර්තාවෙ ඉඳලම අධ්‍යයනය කරල ඒ පිළිබඳව විශ්ලේෂණයක්.
මෙම අධ්‍යයනය සම්බන්ධයෙන් කළබල වන යස්මින් සූකා තමාගේ ක්‍රියා කලාපය කොටි හිතවාදී සේ පෙනෙන බව ප්‍රකාශ කිරීමෙන් ඇගේ කීර්ති නාමයට අගෞරවයක් වී ඇති බවටත්, පුද්ගලික තොරතුරු රැකීම උල්ලංඝණය කර ඇති බවටත් චෝදනා කරමි ලන්ඩන් උසාවියේ නඩු දමා තිබෙන්නේ. නමුත් යස්මින් සූකා පවත්වාගෙන යන වෙබ් අඩවියක් වන “ඉන්ටර්නැෂනල් ටෘත් ඇන්ඩ් ජස්ටිෂ්” කියන වෙබ් අඩවියේ වන්නි මෙහෙයුමට සහභාගි වූ සියලු දෙනාගේම නම් ඇතුලත් කර තිබෙනවා. එම වාර්තාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමල් ගුණරත්න මහතා ඇතුලු සියලු දෙනාගේම නම් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව පෙනී යනවා ජාත්‍යන්තර නීති තුළ ඇති ප්‍රතිපාදන පාවිච්චි කර අපේ රටේ රණවිරුවෝ දඩයම් කිරීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා කියන එක. ඒ නිසා ආණ්ඩුව මීට වඩා ජිනීවා මානව හිමිකම් සමුළුව කෙරෙහි රටට හතුරු පාර්ශව ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි අවධානය යොමු කර කටයුතු කළ යුතුයි කියා අපි අවධාරණය කරනවා.
මෙම අවස්ථාවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභික ප්‍රිමාල් ෆර්නෑන්ඩු මහතා ද සහභාගි විය.
සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Sooka the bazooka will keep firing with no end in sight.