දේශීය පුවත්

ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි ඇති භයානක ප්‍රතිපාදන අතරින් වඩාත්ම භයානක ප්‍රතිපාදනය වන පෞද්ගලික වෛද්‍යය විද්‍යාල ඇති කිරීමට ඉඩ කඩ සලසන ප්‍රතිපාදන ඉවත් නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණ එම පනතට එරෙහිව ඡන්දය පාවිච්චි කරන බව අමාත්‍යය චමල් රාජපක්ෂ මහතාට සෘජුවම ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව ජයන්ත සමරවීර මහතා පවසා සිටියේ රට තුළ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව නැගුණු විරෝධයට සමගාමීව ජාතික නිදහස් පෙරමුණ දැක්වූ විරෝධය හේතුවෙන් අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉදිරිපත් කිරීම අගෝස්තු මාසය දක්වා කල් දැමුණු බවයි.

අගෝස්තු මාසයේදී අදාල පනත නැවත ගෙන එන්නේ නම් ජාතික නිදහස් පෙරමුණ සහයෝගය දක්වන්නේ දැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය විමසූ විට ජයන්ත සමරවීර මහතා පවසා සිටියේ, මේ රටේ පෞද්ගලික වෛද්‍යය විද්‍යාල ඇති කිරීමට ගත් උත්සාහය නිසා වෛද්‍යය සිසුන් 34 දෙනෙකු ඇතුළු විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන් දහස් ගනනකගේ ජීවිත අහිමි වූ බවත් සයිටම් නැමැති පෞද්ගලික වෛද්‍යය විද්‍යාලය හේතුවෙන් ශිෂ්‍යය ජීවිත අහිමි වීම නූලෙන් වැලකුනු බවත් එවැනි කැපකිරීම් සහිත ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයකින් පෞද්ගලික වෛද්‍යය විද්‍යාල පිහිටු වීමට ජාතික නිදහස් පෙරමුණට එකඟ විය නොහැකි බවත්ය.

මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයට එරෙහිව කටයුතු කළ වෛද්‍යය ශිෂ්‍යය දෙමව්පිය සංගමයේ නියෝජිතයෙකු පවසා සිටියේ ජාතික නිදහස් පෙරමුණ පෞද්ගලික වෛද්‍යය විද්‍යාල පිහිටුවීමට එරෙහිව තීරණාත්මක සටනක් කිරීම සම්බන්ධව තමන් සතුටු වන බවත් තමන් ඇතුලු විවිධ සංවිධාන බාහිර සමාජයේ දැක්වූ විරෝධය යථාර්තයක් වූයේ ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂවල පාර්ලිමේන්තු නියෝජිතයන් දැක්වූ දැඩි විරෝධතාවය නිසා බවත්ය.



4 thoughts on “ජාතික නිදහස් පෙරමුණ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඡන්දය පාවිච්චි කරන බව අමාත්‍යය චමල් රාජපක්ෂට දන්වා සිටියා- රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර”

  1. The private University issue has been in Sri Lankan inflated political circles and agenda for the last few years, as said losing 34 lives of medical students as reported above. It is the responsibility of the government as well as the Opposition to explain, why in favour and against the proposal of establishing privately owned degree awarding universities in Sri Lanka. In Asia, almost all countries, even Nepal have established Medical Universities, India having the largest of 271(www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3074658) It is also reported Annually 6000 Sri Lankan students leaving for overseas higher education, most for Medical Studies. We observe the private-nonprofit Universities Harvard University, Cambridge, Massachusetts Institute of Technology, Cambridge, Yale University. New Haven, Stanford University, Stanford, CA, Fordham University, New York, NY are producing the top and become epic center of the globe for medicine

  2. Dear Prematilleke Mawella,
    Please read below article.the answer for your question is enclosed it.

    පසුගිය ආණ්ඩුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පනත මේ ආණ්ඩුවට සම්මත කළ හැකිද?
    https://www.lankaleadnews.com/?page_id=622

    1. Your request to refer a third-party link, not to support my comment was rather irrelevant in illustration with inadequate present day, stringent, highly regulated global medical education. I have given a choice to readers since resistance forming private nonprofit education in Sri Lanka, is something like professional jealousy, dis- allowing our children to the world at large. The example of the History of Harvard Medical School, established in 1782, expanding the boundaries of knowledge for more than 230 years. Medical education in the 18th century in USA, consisted of formal lectures for a semester or two, followed by an apprenticeship with a practicing physician. No academic preparation was required; no written exams were mandatory. Students did not pay tuition. Instead, they bought tickets to each lecture. Since teaching hospitals did not exist, clinical training requirements were minimal. (https://hms.harvard.edu/about-hms/history-hms) If highly regulated Harvard followed Sri Lankan type of progress having not introducing non-profit private medical knowledge, I wonder the fate of Sixteen researchers have shared in 10 Nobel Prizes for work done while at Harvard Medical School, the last was William Kaelin, 2019. In Covid research Stanford, Johns Hopkins in US or in UK Imperial College London, UCL, the Oxford and King’s College London Etc. with high respect to state Universities in China like Tsinghua University, Peking University or Wuhan University (https://www.topuniversities.com/courses/medicine/which-universities-are-leading-research-covid-19). Please note my comment presented to readers, based on actuals and not anyway on political favour or language. That’s all my folks, no big deal

  3. ප්‍රේමතිලක මාවැල්ල මහතාත් මේ රටේ නිදහස් සෞඛ්‍යය නිසා රජයේ රෝහලකදී උත්පත්තිය ලබා නිදහස් අධ්‍යාපනය නිසා රජයේ පාසලකින් අධ්‍යාපනය ලබා 5ශ්‍රේණිය ශිෂ්‍යයත්වය සමත්ව කොළඹ පාසලකට හෝ වෙනත් දිස්ත්‍රික්කයක ජනප්‍රිය පාසලක ඉගෙනීමට අවස්ථාව ලබාගෙන උසස් අධ්‍යාපනයත් මේ රටෙන් නොමිලේ ලබාගෙන බටහිර රටක සැප විඳින ගමන් ලංකාව අමතක කළ භ්‍රෂ්ඨයෙක්. ඒක ඔප්පු වෙනවා අඩුම තරමින් තමන්ගේ මතය සිංහලෙන් ලියා ගන්නවත් බැරි තරම් රට ජාතිය අමතක කළ කෙනෙක්. ඒක නිසා “පසුගිය ආණ්ඩුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පනත මේ ආණ්ඩුවට සම්මත කළ හැකිද?” යන ලිපියේ ඇති අඩංගුව තේරුම් ගෙන නැති තරමට අපේ සභ්‍යත්ව උරුමයෙන් තේරුම් ගත නොහැකි අයෙක්. ඒ නිසා මේ වගේ අයගේ කමෙන්ට්ස් පබ්ලිශ් කරන එකට අපගේ බලවත් විරෝධය!

Leave a Reply to Deepani Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More