දේශීය පුවත්

රෝහණ විජේවීරයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ නම් දැවැන්ත ජාතිකවාදී මාක්ස්වාදී පක්ෂය බිහිකරන මොහොතේ පටන් දැවැන්ත නායකත්ව භූමිකාවක් ජනතා විමුක්ති පෙරමුණට සැපයූ නායකයන් අතර සෝමවංශ අමරසිංහ මහතා කැපී පෙනෙන චරිතයකි.

නිදහසින් පසු බහුතර ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණයන් අතරින් පැණ නැගුණු කැරලි දෙකකට දැවැන්ත දායකත්වයක් සැපයූ සෝමවංශ අමරසිංහ මහතා 87/89 ධවල භීෂණයෙන් ජීවිතය බේරා ගත්  ජනතා විමුක්ති පෙරමුණේ එකම දේශපාලන මණ්ඩල සභිකයා විය.

සෝමවංශ අමරසිංහ මහතා,1983 දී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යයම කාරක සභාව විසින් අනුමත කරණ ලද දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ යුතුය යන තීන්දුව 1993න් පසුව ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණේ මූලික සටන් පාඨය ලෙස ගෙන ඒමට දැවැන්ත මෙහෙයක් කළ නායකයෙකි.

නන්දිකඩාල් කළපුවේදී 2009 වසරේ මැයි මාසයේ දී ගිල්ලා අවසන් කළ දෙමළ කොටි බෙදුම්වාදයේ සන්නද්ධ අංශය සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට දුන් දැවැන්ත නායකත්වය නොවන්නට  කළ නොහැකි කාර්යක් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

දේශපාලන විචාරකයන්ට අනුව සෝමවංශ අමරසිංහ යනු ගින්නෙන් අවසන් කළ ජනතා විමුක්ති පෙරමුණ නැවත නගා සිටවූ රෝහණ විජේවීරයන්ට පමණක් දෙවෙනි වන නායකයාය.

 



One thought on “ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා මිය ගොස් වසර පහයි!”

  1. I met the man a few times one on one, and found him to be a very humble intellectual who regretted and apologised for JVP violence. He did indeed play a role in defeating LTTE terrorism. He was ousted by the whisky drinking, business class traveler AKD who is alleged to own houses in Ireland.

Leave a Reply to Dasarath Jayasuriya Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More