දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සදහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට සැපයීමට එකඟ වූ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැති ’24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව’ට සහභාගි වී සිටිය දී වීරවංශ අමාත්‍යවරයා ඒහා සමගාමීව රුසියානු රජයේ කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් ද යොදා ගනිමින් එම නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද රුසියානු රජයේ නියෝජිතයන් සමග මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

තවද තේ, රබර් වැනි අපනයනයන්ට අමතරව ශ්‍රී ලංකාවෙන් රුසියාවට සිදු කෙරෙන අපනයන ප්‍රමාණය වැඩි කර ගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බවත් ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තත්ත්වයෙන් ඉහළ සිය නිෂ්පාදන රුසියාවට අපනයනය සඳහා ඉඩකඩ විවර වනු ඇති බවත් එය මෙරට ව්‍යවසායකයන්ට ලැබුණු අනගි අවස්ථාවක් බවත් කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙහිදී ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ රුසියානු ඉහළ පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් වෙත ප්‍රදර්ශනය කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම මසක් ඇතුළත සිදු කිරීමට නියමිත ය.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව රජය වෙනුවෙන් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.06.08



2 thoughts on “ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම්!”

  1. රටට, ජනතාවට ජයවේවා ! ඔබතුමාට ජයවේවා !! ජනපතිතුමාට ජයවේවා !!!

Leave a Reply to KKURUWITA Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More