දේශීය පුවත්

දිනසේන රතුගමගේ මහතා විසින් අන්තර්ජාල පුවත් අඩවියකට මාධ්‍යය වාර්තාවක් සපයමින් පවසා සිටින්නේ මුලතිව් උප්පමාවේලි ප්‍රදේශයේ ඇති ස්වාභාවික වැලි නිධියක කොටසක් බලහත්කාරයෙන් අල්ලාගෙන කම්බි ගසා වට කරගෙන සිටින බව ආරක්ෂක නිලධාරින් පිරිසක් පැවසූ බවයි.

මුලතිව් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය අදාල ප්‍රදේශය බැලීමට ගොස් ඇති අතර එම පූජකයා තමා වෙන් කර තිබෙන වැලි නිධිය තිබෙන ප්‍රදේශයට ඇතුල් වීමට ඉඩ දී නොමැති බවද පැවසේ.

උප්පමාවේලි ප්‍රදේශයේ අක්කර 2000ත් 2200ත් අතර ප්‍රදේශයක වැලි නිධිය පැතිරී පවතින අතර එම වැලි නිධිය ඇතුළු පළාතේ වැලි කැපීම මධ්‍යයම පරිසර අධිකාරිය සහ මුලතිව් ප්‍රාදේශීය සභාව විසින් තහනම් කර ඇත. කෙසේ වුවද අදාල පූජකවරයා විසින් බලහත්කාරයෙන් අල්ලා ගත් කොටසේ ඇති වැලි අලෙවි කිරීමට උත්සහා ගත්තද බලපත්‍ර නොලැබීම හේතුවෙන් බලහත්කාරයෙන් වැලි ප්‍රවාහනය කරන බවද පැවසේ.

මෙම පූජකවරයා හින්දු පූජකයෙකුද මුස්ලිම් පූජකයෙකුද යන්න වාර්තාව මගින් ඉදිරිපත් නොකිරීමට දිනසේන රතුගමගේ මහතා පරෙස්සම් වී තිබේ.



One thought on “මුලතිව් උප්පුමාවේලි ප්‍රදේශයේ වැලි නිධියක කොටසක් පූජකයෙකු බලෙන් අල්ලා ගෙන!”

Leave a Reply to S.A Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More