දේශීය පුවත්

මහජන යුතුකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ 2020 වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් අර්බුදය හේතුවෙන් විවිධ හැලහැප්පීම් මැද 2021 මාර්තු මස 01 සිට 10 දින දක්වා පැවති අතර මේ වනතුරු ප්‍රතිඵල නිකුත් කර නොමැති බවයි.

එහිදී මහජන යුතුකම් කේන්ද්‍රය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් මුසම්මිල් මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අනුව වත්මන් රජයේ ගරු අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ ප්‍රතිඵල මාස 2 කින් නිකුත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කළ බවත් ,ඒ සඳහා උත්තර පත්‍ර පරික්ෂාව වෙනුවෙන් වැඩිපුර මුදලක් ද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බවත්ය.

එසේ අරමුදල් පවා ලබා දී තිබියදීත් එම ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද කරන්නේ රජය අප්‍රසාදයට පත් කිරීමට ද නැතහොත් වෙනත් අරමුණකින් ද යන්න අප සොයා බැලිය යුතුව ඇති බව්ද මහජන යුතුකම් කේන්ද්‍රය පෙන්වා දේ.

එහිදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඔවුනට දැනගන්නට ලැබී ඇති පරිදි එම ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතුව නැටුම් සහ චිත්‍ර වැනි විෂයන් වල ප්‍රායෝගික පරීක්ෂණ සිදු කර නොමැති වීමයි. එහෙත් මාර්තු මාසයේ මුල පැවති විභාගයෙන් අනතුරුව එම මස අන්තිම හෝ අප්‍රේල් මාසයේ දී අදාළ පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වූයේ විභාග දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් නිසා බව මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරති.

රටක ඉදිරි පැවැත්ම අනාගතය තීරණය කරනු ලබන මෙවැනි වැදගත් විභාගයක ප්‍රතිඵල අවශ්‍යය අරමුදල් පවා ලබාදී තිබියදීත් ඉතා ලෙහෙසියෙන් ඉටුකරගත හැකි ප්‍රායෝගික පරීක්ෂණයක් පෙන්වා හිතාමතා ප්‍රමාද කරන්නේද යන්න වහාම බලධාරීන් විසින් සොයා බැලිය යුතු බව මහජන යුතුකම් කේන්ද්‍රය අවධරණය කර සිටී.



One thought on “අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බාලගිරි දෝෂය; ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කරන සැඟවුන අරමුණ කුමක්ද ?-මහජන යුතුකම් කේන්ද්‍රය”

  1. මේක 1964-65 කාලයේදී වුන සිද්ධි මතකයට ගේනවා.

    එකල උසස් පෙළ උත්තර පත්‍ර ගොනුකර ගුරුවරුන් වෙත තැපෑලෙන් යවා ලකුණු කල ඒවා ආපසු ලැබුණු විට ප්‍රතිඵල ප්‍රසිද්ධ කෙරුනා. මේකට දිග කාලයක් ගත වුනා. විද්‍යා විෂයයන් වලින් දෙමල සිසුන් ජනගහන අනුපාතයට ඉහලින් විශ්ව විද්‍යාලයට ඇතුල් වීම ගැන කුතුහලයට පත් විභාග කොමසාරිස්‌තුමා, ලකුණු කල උත්තර පත්‍ර තමන් වෙත ගෙන්වා බැලූ විට කිසි උත්තරයක්වත් නොලියූ එකකට සියයට සියයම දී ඇති වග දුටුවා. ඊලඟ වාරවල විද්‍යා විෂයයන් සඳහා උත්තර ගණනකින් හරි එක තෝරන multiple choice ක්‍රමයේ ප්‍රශ්න පත්‍ර සදා දී, ශිෂ්‍ය නම වෙනුවට අංක යෙදීම පමණක් කෙරිනි. දෙවෙනුව, ගුරුවරුන් විභාග ශාලාවලට ගෙන්වා උත්තර පත්‍ර ලකුණු කිරීම කලා. ලංකාවට ගෙනා මුල්ම පරිගණකය ගෙනාවේ විභාග දෙපාර්තමේන්තුවයි. ඒක සීලිමට උස මීටර 10ක් 15ක් පමණ දිග mainframe වර්ගයේ IBM සමාගමෙන් බද්දට ගත් පරිගණකයකි. (සල්ලි දීලා ගන්න මිස වැඩියි!) මෙයට ප්‍රේමදාස – බණ්ඩාරනායක දෙපිලේම එකඟත්වය වි.කො. විසින් ලබාගත්තා මට මතකයි.

    ඒ කාලයේ රට පාලනය කලේ රාජ්‍ය සේවකයන් විසින් වගත්, දේශපාලනඥයන් සාධාරණව අසා බලා එකඟත්වයෙන් තීරණ ගත් වගත් පේනවා.

    නමුත් අද වැඩකාරයන් ජනාධිපති, අගමැති හා නෑ මිතුරන් වග දුකින් හෝ කිවයුතුය. ආණ්ඩුවේ සේවකයින් තමන්ට රිසි සේ පත් කරන්නේ, අස්කරන්නේ දේශපාලුවන් මිස රාජ්‍ය සේවා කොමිසම විසින් නොවේ.

    සිංගප්පූරුවේ ලී ක්වාන් යූ කිවුවේ ඒ රට ගොඩනගන්න ලංකාව ආදර්ශයට ගන්නවා කියායි. අහෝ, අද ලංකාව චෞර නෑ-මිතුරු හවුලකට භාර වී හිඟන රටක් වෙලා!

    වෙස්ට්මින්ටර් Westminster ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය අද තියෙන (සිරිමාවෝ කීවා සේ) ‘බහුභූත’ ක්‍රමයට වෙනස් කලේ ජේ.ආර්.ජයවර්ධන විසින් ය. අරමුණ වුනේ සැමදා එක්සත් ජාතික පක්ෂයට බලය තබා ගැනීමයි.

    එයින් වූනේ “බිල්ලෝ එනවා!” කියා මරක්කල බියක් නිපදවා තුනෙන් දෙකේ ඒකාධිකාරි බලය පරම්පරා තුනකින් එහා මලයා රටින් ආව, දේශීය ජාන හිඟ පවුලකට යාමයි. මොවුන්ගෙන් දේශාභිමානය බලාපොරොත්තු වීම සාධාරණ නෑ. රට විකුණා, අර “වතුර බීලා, කලෙත් බිඳලා ගිය යකා” වගේ කලත් මොවුන්ට වරද කිව නොහැකිය. වරද ඒ බලය දෙන තරමට නිවට බියගුළු අපිමයි .

Leave a Reply to ජයන්ත අහංගම Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More