ජනාධිපති තුමා විසින් රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟම ඇතිවන පොහොර හිඟය පිය වීමට කාබනික පොහොර ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් නැතැයි පවසන කණ්ඩායම් විසින් කාබනික පොහොර ලෙස හඟවා නාගරික කැලි කසල වලින් නිපද වූයේ යැයි සැක කෙරෙන කාබනික පොහොර කන්ටේනර් තුනක් ඉන්දියාවෙන් කොළඹ වරායට ගොඩ බෑමට කටයුතු කර ඇති බව නිල නොවන මට්ටමින් වාර්තා වේ. ඒ සඳහා ආනයන පාලකවරයා විසින් අවසර දී ඇති බවත් මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරීන් එම පොහොර තොගය නිදහස් කරණ ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර ඇති බවත් වාර්තා වේ.
කෙසේ වුවද පොහොර ලේකම් කාර්යාලයට එලෙස ආනයනික කාබනික පොහොර හෙවත් නාගරික කැලි කසල නිදහස් කරණ ලෙස රේගුවට නියෝග කිරීමට බලයක් නැති බව පවසා රේගුව විසින් එම කන්ටේනර් තුන නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තාවේ.
මේ පිළිබඳ සියළු තොරතුරු ලද සැනින් වාර්තා කිරීමට ලංකා ලීඩ් වෙබ් අඩවිය කටයුතු කිරීමට සූදානමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඔය කියන කන්ටේනර් අයිති මොන සමාගමටද……
ඒ කන්ටේනර් ගෙන්නුවේ කවුද ……
ඒ කන්ටේනර් ලංකාවට ආවේ කවදද ……