දේශීය පුවත්

වර්තමාන අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ප්‍රාථමික පන්ති වල සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසෙන ලෙස දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් ආරම්භ කරන බව පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේය. මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදුව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් අදහස් දක්වමින් ” දැනට ලෝකයේ පිළිගත් මතය වන්නේ තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම මගින් දරුවන්ගේ මානසික සංවර්ධනයට ප්‍රභල ධනාත්මක බලපෑමක් සිදුවන බවයි.හීනමානයෙන් පෙළෙන කළු සුද්දන්ට ඒවා අදාල වන්නේ නැහැ.ඉංග්‍රීසි භාෂාවක් ලෙස අපේ රටේ දරුවන්ට ඵල්දායි ලෙස ඉගැන්වීමට අසමත්ව තිබෙන අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෝරා ගත් ළමුන් පිරිසකට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය දීමට සැරසෙන්නේ සද්භාවයෙන් නම් නොවෙයි. මේ අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් පුද්ගලයන් නොවෙයිද?. සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා මොවුන්ට තම සොහොනේ සිට ශාප කරනවා නොඅනුමානයි. මේවා කරන්නේ දරුවන්ට ආදරයෙන් නම් නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පදනමම විනාශ කිරීමයි මෙවැනි අමනෝඥ ක්‍රියා කිරීමට පෙළඹෙන අයගේ බලාපොරොත්තුව. රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිවරයාව සිටින කාලයේදී මෙවැනි මහා පරිමාණ ප්‍රතිසංස්කරණ කිරීමට පෙර මහජන සංවාදයක් ඇති කරලීම පිණිස අඩුම තරමින් ධවල පත්‍රිකාව හෝ ගෙන ඒමට කටයුතු කළා. එහෙම බලන කොට මේ අය ඉන්නේ රනිල් වික්‍රමසිංහට ගව් ගණනක් පිටුපසින්.” යැයි පැවසුවේය.



One thought on “රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වර්තමාන අධ්‍යාපන ලේකම්ට වඩා ඉදිරියෙන් සිටිනවා!-ජාතික සංවිධාන එකමුතුව”

Leave a Reply to Vishwa Gunasekera Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More