දේශීය පුවත්

ජනාධිපති මාධ්‍යය අංශය විසින් ඊයේ වාර්තා කළ පරිදි නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවාය යන්න සත්‍යයක් නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර සහ පලිබෝධනාශක තහනම් කිරීමට ගත් දැවැන්ත දෑ හිතකාමී පරිසර හිතකාමී තීරණය සම්පූර්ණයෙන්ම කණපිට හරවන තීරණයක් බව අවධාරණය කරන බව හිටපු පළාත් ආයූර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා පවසයි.

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ රසායනික සහ පළිභෝධනාශක වසර හතලිහකට ආසන්න කාලයක් තිස්සේ භාවිතා කර විෂ බවට පත් කර තිබෙන ලංකා පොළොව නැවතත් සරු සාර භූමියක් බවට පත් කරලීමට ජනාධිපතිවරයා නොබියව සෘජුව ගත් තීන්දුව අතිශයෙන් අගයන බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා අවධාරණය කළේය. එහිදී ඔහු පවසා සිටියේ යම් විදියකින් ජනාධිපති මාධ්‍යය අංශය පවසන පරිදි කාබනික පොහොර ආනයනය සිදු වුවහොත් රසායනික පොහොර හෙලා ලක් පොළොව විනාශ කළාට වැඩි වේගයකින් ලක් පොළොවේ ඉතිරී වී තිබෙන සරු බව විනාශ වී යන බවයි.

පසේ සිටින හිතකර පාංශු ජීවීන් සියළු දෙනා නසා දැමීමට හැකි ආක්‍රමණික පාංශු ජීවීන් ආනයනික කාබනික පොහොර සමඟ පැමිණීම කිසි විටකත් වැලැක්විය නොහැකි බව පවසන හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා මෙතෙක් කල් වනාන්තර වල ඔසු උයන්වල ඉතා අමාරුවෙන් ආරක්ෂා කරගත් වටිනා දේශීය ඖෂධ ශාක වර්ග ඉතා සීඝ්‍රයෙන් විනාශ වන බව අවධාරණය කළේය.

ඒ අනුව කිසිදු ලෙසකින් කාබනික පොහොර ආනයනය කළ යුතු යැයි පවසන කුමන්ත්‍රණකාරී පිරිස්වලට සහ ඔවුන් හා සබැඳි දෙස් විදෙස් දේශද්‍රෝහී බලවේග වලට අවනත නොවිය යුතු බවද අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන අවධියේ කාබනික පොහොර ආශ්‍රිත ගොවිතැන නංවාලීමට ගත් ව්‍යාපෘතියේ සිදුවූ වැරදි නිවැරදි කරගන්නවා මිස එම වැරදි නැවත වතාවක් කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙසේවත් ක්‍රියා නොකරණු ඇතැයි තමන් විශ්වාස කරණ  බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා පවසා සිටියේය.

යම් විදියකින් කාබනික පොහොර ආනයනය සිදු කළහොත් එමගින් කූට වෙළඳුන් කිහිප දෙනෙකුගේ මඩිය තරවී දෙස් විදෙස් ඔත්තුකාර බලවේග වලට ජයග්‍රහණයක් හිමිවී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය බරපතල ලෙස හානි වීම වැලැක්විය නොහැකි බව අවධාරණය කළ හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා එම තත්වය එතුමා බලයට ගෙන ආ බලවේග වල බරපතල පරාජයක් බවද දැඩිව අවධාරණය කළේය.



3 thoughts on “යම් විදියකින් කාබනික පොහොර ආනයනයට ඉඩ දුනහොත් ආයූර්වේද ඖෂධ ශාක කෙටි කලක් තුළ විනාශ වී යාහැකියි- හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි”

    1. මෙන්න විසඳුම….. ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කළ ආනයනික රසායනික පොහොර භාවිතය අවසන් කිරීම සහ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සදහා වන දොළොස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය 1. ආනයනික රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය දැඩි සීමාවකට යටත් කරන බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇති බැවින් ආනයනික යෙදවුම් මත පදනම් වන කෘෂි නිෂ්පාදන පද්ධතිය ක්‍රමානුකූලව පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ වස විෂ නොමැති දේශියව නිපදවන ආහාර ප්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා නිශ්චිත කාල පරාසයකදී කියාත්මක කෙරෙන මහා සැළසුමක් රටට ඉදිරිපත් කිරීම සහ මහජන සංවාදයකට පසුව අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම. 2. එම සැළසුම තුළ ආනයනික සහ විවිධ වස විෂ සහිත රසායනික පොහොර ආනයනය වෙනුවට දේශිය අමුද්‍රව්‍ය යොදාගනිමින් පොස්පේට් සහ පොටෑසියම් අඩංගු රසායනික පොහොර දේශියව නිපදවීම සහ එසේ දේශියව නිපදවන රසායනික පොහොර දේශියව නිපදවන කාබණික පොහොර ගොවිබිමේ ඌනතාවයන් අනුව ප්‍රශස්ථ ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම සදහා ප්‍රචාරාත්මක සහ අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම. එහිදී නයිට්‍රජන් සහිත රසායනික පොහොර වායුගෝලයේ පවතින නයිට්‍රජන් වලින් ස්වභාවිකවම නිපදවිය හැකි බැවින් ඒවා රසායනික පොහොර ලෙස බාහිරින් යෙදීම අවශ්‍ය නොවන බව ගොවියාගේ මනසේ තවහුරු කිරීම වැදගත්වේ. 3. කෙටිකාලීනව නිෂ්චිත කාලයක් සදහා අනයනය කිරීමට ඉඩ දෙන රසායනික පොහොර සදහා විනිවිද භාවයෙන් යුතුව කෝටා ක්‍රමයක් සහ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සහ වෙළෙඳ පොළ තුළ කෘතිම ලෙස හිඟයක් මවාපාමින් මිළ ඉහළ දැමීම සදහා සිදුකරන කූඨ වෙළදපොල උපක්‍රම මැඩලීම සදහා නිසි යාන්ත්‍රණයක් හදුන්වාදීම. එමෙන්ම එම කෙටි කාලය තුළ වෙළෙඳ පොළ තුළ මිළ පාලනයක් හදුන්වාදීම. 4. දැනට ගොවියාට ලබාදෙන පොහොර සහනාධාරය යම් නිෂ්චිත කාලයක් සදහා සෘජුව මුදල් ලෙස ගෙවීම සහ එම අරමුදල් ගොවිජන බැංකුව හරහා ගොවියාට ගෙවීම මගින් ඒවා ගොවියාගේ ඉතිරිකිරීම් ලෙස සලකා කෘෂි යෙදවුම් සදහා පමණක් අවශ්‍යතාවය අනුව මුදල් නිදහස් කිරීම. ඒ මගින් එක් පැත්තකින් ගොවිජන බැංකුවට නැවත පණදීම සිදුවන අතර අනෙක් පැත්තෙන් රසායනික පොහොර භාවිතය අඩු කිරීම මගින් තම ඉතිරි කිරීම් වැඩි කිරීම සඳහා ගොවියා දිරිමත් කිරීම හරහා ස්වෙච්ඡාවෙන් ආනයනික පොහොර භාවිතය අධෛර්යමත් කිරීමට හැකිවේ. 5. ගොවිජන බැංකුවට නවත පණදීම මගින් සහ පොහොර සහනාධාරය ලෙස බැංකුවට ලැබෙන රුපියල් මිලියන 50,000කට අධික ප්‍රාග්ධනයට අවශ්‍යතාවය අනුව අමතර ප්‍රාග්ධනය ලබාදීම මගින් ගොවියා ක්ෂද්‍රමුල්‍ය ණය උගුලින් ගලවා ගැනීම සදහා ජාතික වඩපිළිවෙලක් සකස් කිරීම මගින් සබෑ ලෙසම ගොවියාගේ විශ්වාසය දිනා ගැනීම. එමගින් සහ පොහොර භාවිතය සීමා කිරීමේ තීන්දුව රජය විසින් සද්භාවයෙන් ගනු ලබූ තීන්දුවක් මිස පොහොර සහනාධාරය කපාහැරීම සදහා ගනුලැබූ තීන්දුවක් නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය හැක. 6. කෙටි කාලයක් සදහා භාවිතයට අවසර දෙන ආනයනික රසායනික පොහොර සහ දීර්ඝකාලීනව දේශියව නිපදවන පොස්පේට් සහ පොටැසියම් අඩංගු රසායනික පොහොර යෙදීමේදී අදාල භූමියේ පවතින ඌණතාවයන්ට අනුව පමණක් එම රසායනික පොහොර භාවිතා කළ යුතු බවට නිර්දේශ කිරීම. ගොවියාගේ ඉතිරිකිරීම් හෙවත් පොහොර සහනාධාරය පොහොර මිළදී ගැනීම සඳහා නිදහස් කළ යුත්තේ එම පරීක්ෂණ වාර්තාවන්ට අනුවය. එසේම වගාභූමි යාය වශයෙන් සළකුණු කොට පස් පරික්ෂා කිරීම සදහා යාන්ත්‍රණයක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පිහිටුවීම. 7. රසායනික පොහොරවලට විකල්ප ලෙස කාබනික පොහොර (කොම්පොස්ට් හෝ ජෛව පොහොර යන දෙවර්ගයම) ආනයනය කිරීම හෝ කාබනික පොහොර ගොවීන්ට සහනාධාර යටතේ බෙදාහැරීම වැනි වැරදි ක්‍රියාමාර්ග සදහා කිසිලෙසකින්වත් ඉඩ ලබා නොදීම. 8. දේශියව මහා පරිමානයෙන් ජෛව පොහොර නිෂ්පාදනය කරන ආයතනවල ධාරිතාව වැඩිකිරීම සහ මිළ අඩු කිරීම සඳහා රජය විසින් එකඟතාවයන්ට අනුව සහන ලබාදීම. එසේම නාගරික අපද්‍රව්‍යය හෝ කෘෂි අපද්‍රව්‍ය යොදාගනිමින් කොම්පොස්ට් පොහොර වානිජ වශයෙන් නිපදවන ආයතන සදහා ප්‍රමිතීන් නියම කිරීම සහ අවශ්‍ය පුහුණුව මෙන්ම සහතික කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම. එසේ වුවත් කාබනික පොහොර ප්‍රධාන වශයෙන් කොම්පොස්ට් පොහොර ගොවිබිමේදී සාදාගත යුතුය. 9. කාබනික වගාවන් හෙවත් ස්වභාවික ගොවිතැන්ක්‍රම වලට මාරුවන ගොවීන් දිරිමත් කිරීම සඳහා එසේ රසායනික පොහොර භාවිතය අඩු කිරීම නිසා අස්වනු අඩුවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව ගොවියාට සහනයක් ලබාදෙන බව සහතික කිරීම සඳහා රජයේ පූර්ණ දායකත්වය සහිතව කෘෂි රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම. එසේම වී සඳහා වන සහතික මිල රු. 60 දක්වා ඉහළ දමීම. (එමගින් සහල් මිල රුපියල් 105 මට්ටමේ තබාගත හැක) 10. ස්වභාවික ගොවිතැන් ක්‍රම විශේෂයෙන්ම ඉන්දියාවේ සුභාෂ් පලයේකාර් විසින් ගොම සහ ගව මුත්‍රා යොදාගනිමින් හඳුන්වා දී ඇති ගොවීන් මිලියන 40ක් විසින් භාවිතා කරන “ශුන්‍යය පිරිවැය ගොවිතැන්ක්‍රම” හඳුන්වාදීම සඳහා ජාතික මට්ටමින් විධිමත් ගොවි අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වාදීම සහ ඒ තුළ භෝග වගාව සමග කිරිගොවිතැන ඒකාබද්ධ කිරීම සදහා අධ්‍යාපනය සහ දිරිගන්වීම් ලබාදීම සදහා ප්‍රම්‍රඛතාවයක් ලබාදීම. එසේම එම ක්‍රියාවලිය තුළ දේශීය බීජ ප්‍රභේද ප්‍රචලිත කිරීම සහ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව අතීතයේදී කළ පරිදි බීජ ගොවිපළ ජාලයට සහ බීජ වැඩසටහනට නැවත පණදීම. 11. රසායනික පොහොර භාවිතය සීමා කිරීමට සමගාමීව පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සදහා ඊට අදාළ පනත් සංශෝධනය කිරීම මගින් අලෙවිකරුවන්ට ප්‍රමිතීන් පැනවීම සහ කෘෂි නිලධාරියෙකුගේ නිරේදේශයකට අනුව පමණක් පළිබෝධනාශක නිකුත් කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන පැනවීම මෙන්ම එම ක්‍රියාවලිය නිසිලෙස නියාමනය කිරීම සදහා යාන්ත්‍රණයක් හදුන්වාදීම. 12. ස්වභාවික ගොවිතැන් ක්‍රම සහ වස විෂ නොමැති ආහාර පරිභෝජනය උසස් ක්‍රියාවක් ලෙස සමාජගත කිරීම සහ එවැනි ජීවන ක්‍රමයක් ප්‍රචලිත කිරීම මෙන්ම කුඩා පරිමාන ගෙවතුවගාව සහ ආහාරයේ විවිධත්වය වැඩි කිරීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම පිළිබඳව රාජ්‍ය මැදිහත්වීමෙන් පුළුල් අධ්‍යාපන සහ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම. එසේම රුක් රෝපන වැඩසටහන් වලදී බහු වාර්ගික ආහාර භෝග වගාව විශේෂයෙන්ම කොස්, දෙල්, පළතුරු ආදී ශාඛ වලට පූමුඛතාවය ලබාදීම සහ ඊට පහසුකම් සැළසීම සදහා පැල තවාන්කරුවන් දිරිමත් කිරීම සදහා වැඩසටහන් හඳුන්වා දීම. වස විෂ නැති උසස් ගොවිතැන් ක්‍රම සහ දේශීය බීජ ප්‍රභේද භාවිතා කිරීමේදී අස්වැන්න අඩුවීමක් සිදුවේ නම් එය තුලනය කළ හැක්කේ ආහාර විවිධත්වය වැඩිකිරීම මගින් බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ආහාර විවිධත්වය ආහාර සුරක්ෂිතතාවය සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.

  1. මෙන්න විසඳුම…..
    ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කළ ආනයනික රසායනික පොහොර භාවිතය අවසන් කිරීම සහ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සදහා වන දොළොස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය

    1. ආනයනික රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය දැඩි සීමාවකට යටත් කරන බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇති බැවින් ආනයනික යෙදවුම් මත පදනම් වන කෘෂි නිෂ්පාදන පද්ධතිය ක්‍රමානුකූලව පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ වස විෂ නොමැති දේශියව නිපදවන ආහාර ප්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා නිශ්චිත කාල පරාසයකදී කියාත්මක කෙරෙන මහා සැළසුමක් රටට ඉදිරිපත් කිරීම සහ මහජන සංවාදයකට පසුව අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම.

    2. එම සැළසුම තුළ ආනයනික සහ විවිධ වස විෂ සහිත රසායනික පොහොර ආනයනය වෙනුවට දේශිය අමුද්‍රව්‍ය යොදාගනිමින් පොස්පේට් සහ පොටෑසියම් අඩංගු රසායනික පොහොර දේශියව නිපදවීම සහ එසේ දේශියව නිපදවන රසායනික පොහොර දේශියව නිපදවන කාබණික පොහොර ගොවිබිමේ ඌනතාවයන් අනුව ප්‍රශස්ථ ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම සදහා ප්‍රචාරාත්මක සහ අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම. එහිදී නයිට්‍රජන් සහිත රසායනික පොහොර වායුගෝලයේ පවතින නයිට්‍රජන් වලින් ස්වභාවිකවම නිපදවිය හැකි බැවින් ඒවා රසායනික පොහොර ලෙස බාහිරින් යෙදීම අවශ්‍ය නොවන බව ගොවියාගේ මනසේ තවහුරු කිරීම වැදගත්වේ.

    3. කෙටිකාලීනව නිෂ්චිත කාලයක් සදහා අනයනය කිරීමට ඉඩ දෙන රසායනික පොහොර සදහා විනිවිද භාවයෙන් යුතුව කෝටා ක්‍රමයක් සහ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සහ වෙළෙඳ පොළ තුළ කෘතිම ලෙස හිඟයක් මවාපාමින් මිළ ඉහළ දැමීම සදහා සිදුකරන කූඨ වෙළදපොල උපක්‍රම මැඩලීම සදහා නිසි යාන්ත්‍රණයක් හදුන්වාදීම. එමෙන්ම එම කෙටි කාලය තුළ වෙළෙඳ පොළ තුළ මිළ පාලනයක් හදුන්වාදීම.

    4. දැනට ගොවියාට ලබාදෙන පොහොර සහනාධාරය යම් නිෂ්චිත කාලයක් සදහා සෘජුව මුදල් ලෙස ගෙවීම සහ එම අරමුදල් ගොවිජන බැංකුව හරහා ගොවියාට ගෙවීම මගින් ඒවා ගොවියාගේ ඉතිරිකිරීම් ලෙස සලකා කෘෂි යෙදවුම් සදහා පමණක් අවශ්‍යතාවය අනුව මුදල් නිදහස් කිරීම. ඒ මගින් එක් පැත්තකින් ගොවිජන බැංකුවට නැවත පණදීම සිදුවන අතර අනෙක් පැත්තෙන් රසායනික පොහොර භාවිතය අඩු කිරීම මගින් තම ඉතිරි කිරීම් වැඩි කිරීම සඳහා ගොවියා දිරිමත් කිරීම හරහා ස්වෙච්ඡාවෙන් ආනයනික පොහොර භාවිතය අධෛර්යමත් කිරීමට හැකිවේ.

    5. ගොවිජන බැංකුවට නවත පණදීම මගින් සහ පොහොර සහනාධාරය ලෙස බැංකුවට ලැබෙන රුපියල් මිලියන 50,000කට අධික ප්‍රාග්ධනයට අවශ්‍යතාවය අනුව අමතර ප්‍රාග්ධනය ලබාදීම මගින් ගොවියා ක්ෂද්‍රමුල්‍ය ණය උගුලින් ගලවා ගැනීම සදහා ජාතික වඩපිළිවෙලක් සකස් කිරීම මගින් සබෑ ලෙසම ගොවියාගේ විශ්වාසය දිනා ගැනීම. එමගින් සහ පොහොර භාවිතය සීමා කිරීමේ තීන්දුව රජය විසින් සද්භාවයෙන් ගනු ලබූ තීන්දුවක් මිස පොහොර සහනාධාරය කපාහැරීම සදහා ගනුලැබූ තීන්දුවක් නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය හැක.

    6. කෙටි කාලයක් සදහා භාවිතයට අවසර දෙන ආනයනික රසායනික පොහොර සහ දීර්ඝකාලීනව දේශියව නිපදවන පොස්පේට් සහ පොටැසියම් අඩංගු රසායනික පොහොර යෙදීමේදී අදාල භූමියේ පවතින ඌණතාවයන්ට අනුව පමණක් එම රසායනික පොහොර භාවිතා කළ යුතු බවට නිර්දේශ කිරීම. ගොවියාගේ ඉතිරිකිරීම් හෙවත් පොහොර සහනාධාරය පොහොර මිළදී ගැනීම සඳහා නිදහස් කළ යුත්තේ එම පරීක්ෂණ වාර්තාවන්ට අනුවය. එසේම වගාභූමි යාය වශයෙන් සළකුණු කොට පස් පරික්ෂා කිරීම සදහා යාන්ත්‍රණයක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පිහිටුවීම.

    7. රසායනික පොහොරවලට විකල්ප ලෙස කාබනික පොහොර (කොම්පොස්ට් හෝ ජෛව පොහොර යන දෙවර්ගයම) ආනයනය කිරීම හෝ කාබනික පොහොර ගොවීන්ට සහනාධාර යටතේ බෙදාහැරීම වැනි වැරදි ක්‍රියාමාර්ග සදහා කිසිලෙසකින්වත් ඉඩ ලබා නොදීම.

    8. දේශියව මහා පරිමානයෙන් ජෛව පොහොර නිෂ්පාදනය කරන ආයතනවල ධාරිතාව වැඩිකිරීම සහ මිළ අඩු කිරීම සඳහා රජය විසින් එකඟතාවයන්ට අනුව සහන ලබාදීම. එසේම නාගරික අපද්‍රව්‍යය හෝ කෘෂි අපද්‍රව්‍ය යොදාගනිමින් කොම්පොස්ට් පොහොර වානිජ වශයෙන් නිපදවන ආයතන සදහා ප්‍රමිතීන් නියම කිරීම සහ අවශ්‍ය පුහුණුව මෙන්ම සහතික කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම. එසේ වුවත් කාබනික පොහොර ප්‍රධාන වශයෙන් කොම්පොස්ට් පොහොර ගොවිබිමේදී සාදාගත යුතුය.

    9. කාබනික වගාවන් හෙවත් ස්වභාවික ගොවිතැන්ක්‍රම වලට මාරුවන ගොවීන් දිරිමත් කිරීම සඳහා එසේ රසායනික පොහොර භාවිතය අඩු කිරීම නිසා අස්වනු අඩුවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව ගොවියාට සහනයක් ලබාදෙන බව සහතික කිරීම සඳහා රජයේ පූර්ණ දායකත්වය සහිතව කෘෂි රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම. එසේම වී සඳහා වන සහතික මිල රු. 60 දක්වා ඉහළ දමීම. (එමගින් සහල් මිල රුපියල් 105 මට්ටමේ තබාගත හැක)

    10. ස්වභාවික ගොවිතැන් ක්‍රම විශේෂයෙන්ම ඉන්දියාවේ සුභාෂ් පලයේකාර් විසින් ගොම සහ ගව මුත්‍රා යොදාගනිමින් හඳුන්වා දී ඇති ගොවීන් මිලියන 40ක් විසින් භාවිතා කරන “ශුන්‍යය පිරිවැය ගොවිතැන්ක්‍රම” හඳුන්වාදීම සඳහා ජාතික මට්ටමින් විධිමත් ගොවි අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වාදීම සහ ඒ තුළ භෝග වගාව සමග කිරිගොවිතැන ඒකාබද්ධ කිරීම සදහා අධ්‍යාපනය සහ දිරිගන්වීම් ලබාදීම සදහා ප්‍රම්‍රඛතාවයක් ලබාදීම. එසේම එම ක්‍රියාවලිය තුළ දේශීය බීජ ප්‍රභේද ප්‍රචලිත කිරීම සහ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව අතීතයේදී කළ පරිදි බීජ ගොවිපළ ජාලයට සහ බීජ වැඩසටහනට නැවත පණදීම.

    11. රසායනික පොහොර භාවිතය සීමා කිරීමට සමගාමීව පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සදහා ඊට අදාළ පනත් සංශෝධනය කිරීම මගින් අලෙවිකරුවන්ට ප්‍රමිතීන් පැනවීම සහ කෘෂි නිලධාරියෙකුගේ නිරේදේශයකට අනුව පමණක් පළිබෝධනාශක නිකුත් කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන පැනවීම මෙන්ම එම ක්‍රියාවලිය නිසිලෙස නියාමනය කිරීම සදහා යාන්ත්‍රණයක් හදුන්වාදීම.

    12. ස්වභාවික ගොවිතැන් ක්‍රම සහ වස විෂ නොමැති ආහාර පරිභෝජනය උසස් ක්‍රියාවක් ලෙස සමාජගත කිරීම සහ එවැනි ජීවන ක්‍රමයක් ප්‍රචලිත කිරීම මෙන්ම කුඩා පරිමාන ගෙවතුවගාව සහ ආහාරයේ විවිධත්වය වැඩි කිරීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම පිළිබඳව රාජ්‍ය මැදිහත්වීමෙන් පුළුල් අධ්‍යාපන සහ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම. එසේම රුක් රෝපන වැඩසටහන් වලදී බහු වාර්ගික ආහාර භෝග වගාව විශේෂයෙන්ම කොස්, දෙල්, පළතුරු ආදී ශාඛ වලට පූමුඛතාවය ලබාදීම සහ ඊට පහසුකම් සැළසීම සදහා පැල තවාන්කරුවන් දිරිමත් කිරීම සදහා වැඩසටහන් හඳුන්වා දීම. වස විෂ නැති උසස් ගොවිතැන් ක්‍රම සහ දේශීය බීජ ප්‍රභේද භාවිතා කිරීමේදී අස්වැන්න අඩුවීමක් සිදුවේ නම් එය තුලනය කළ හැක්කේ ආහාර විවිධත්වය වැඩිකිරීම මගින් බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ආහාර විවිධත්වය ආහාර සුරක්ෂිතතාවය සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.

Leave a Reply to prageeth Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More