දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන් මහතා අත් අඩංගුවට ගෙන ඇති අතර රිෂාද් බදියුදීන් අත් අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සහෝදරයා වන රියාද් බදියුදීන්වද අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව තම මුහුණු පොතේ සටහනක් තබමින් රිෂාද් බදියුදීන් මෙසේ පවසා ඇත.

වරෙන්තුවක් තියෙනවාද කතානායක දැනුවත් කළාද කියා මා ඇහුවා. එයාලා උත්තර දුන්නේ නෑ. ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා. මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.

පාන්දර දෙක හමාරට තුනට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත් යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා. මං පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්.

ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නෑ.

මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නේනෑ. මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ. මගේ අත් පිරිසිදුයි.

අත් අඩංගුවට ගැනීමට පෙර දෙමළ බසින් මුහුණු පොතට වීඩියෝවක් නිකුත් කරමින් රිෂාද් බදියුදීන් ප‍්‍රකාශ කර ඇත.



One thought on “සහෝදරයා සමග රිෂාද් බදියුදීන් අත්අඩංගුවට ගනී”

  1. විපක්ෂය චෝදනා කරන පරිදි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ගෝඨාභය කියන කරුණ බිඳ දැමිය හැකි මට්ටමේ ගැඹුරු පරීක්ෂණයකින් පසුව කරුණු සාදක සහිතව සැබෑ මොලකරුවෙක් සොයා ගත හොත් ජනාධිපතිතුමා ඇතුළු රජයට එම චෝදනාවෙන් නිදහස් විය හැකියි. නමුත් එයට මා දකින බාධකය, බැසිල්. රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් අසමත් වූ නාටකයක් නොවනු ඇතැයි මමද ඇතුළුව 69 ලක්ෂයේ බහුතර සිංහල බෞධයන් බලා සිටියි.

Leave a Reply to Wehallage Arjuna Silva Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More