මෙරට පොලිස් සේවයේ සන්නිවේදන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා විශේෂ ප‍්‍රදානයක් ලබා දීමට චීන රජය සූදානමින් සිටින බව වාර්තාවේ.
චීන රජය විසින් මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට සූදානම් වන ටෙට්‍රා (TETRA — Terrestrial Trunked Radio) නමින් හැඳින්වන මෙම පහසුකම මගින්, විශේෂ ගුවන් විදුලි පද්ධතියක් හරහා ජේයෙෂ්ඨ පොලිස් නිළධාරීන්ට ඕනෑම පොලිස් ස්ථානයක් හා සම්බන්ධ වීමේ හැකියාවත්, පොලිස් නිළධාරීන්ගේ ශරීර කැමරා මගින් ලබා ගන්නා දර්ශන ටැබ් පරිඝණක සඳහා යොමු කිරීමේ හැකියාවත් ලැබෙන බව පැවසේ. එමෙන්ම මේ සඳහා විශේෂිත වූ මූලස්ථානයක් වෙන්කෙරේ.
බස්නාහිර පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන වෙත මුලින්ම ලැබෙන මෙම පහසුකම මගින් පොලිස්පතිතුමාට තම කනිෂ්ඨ නිළධාරීන් කණ්ඩායම් ලෙස වුවද ඇමතිය හැක.
චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය අතර තුර දී මෙම ප‍්‍රදානය නිල වශයෙන් මෙරට පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිත බව පැවසේ.
චීනයේ බීජින් නුවර භාවිතා වන බව වාර්තා වන ලොව විශාලතම නගරාන්තර සන්නිවේදන පද්ධතිය ලෙස හැඳින්වෙන මෙම සන්නිවේදන පහසුකම මගින් බීජින් නුවර 110,000ක් පොලිස් නිළධාරීන් අතර සන්නිවේදන් කාර්යයන් සිදුවන බව පැවසේ.
මෙවැනිම ගුවන් විදුලි තාක්ෂණ පද්ධතියක් සෞදි අරාබි ජෙඩා ගුවන්තොටුපළහි ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ලබාගෙන තිබුණේ ඇමරිකාවේ Leonardo – Selex සමාගමයි.
කෙසේ වෙතත්, පොලීසිය තුළ මෙවැනි ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂණ වෘත්තිකයන් සිය කණස්සල්ල පල කර තිබෙන බව පැවසේ. ඊට හේතුව, මෙවැනි විශේෂ පද්ධතියක්, පොලීසිය වැනි තීරණාත්මක වැදගත්කමක් සහිත ආයතනයක් මගින් භාවිතා කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර අනුමැතිය ලබා දීමට තරම් ප‍්‍රමාණවත් වෙනත් ආයතනයක් නොමැති වීමයි.
පෙර සැකසූ දත්ත රැගෙන යාමේ අවදානම සහ පෞද්ගලිකත්වය පිළිබඳ කාරණා ඔවුන්ගේ අවධානයට යොමුව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඔය සෙල්ලම් බඩු දීල වීන්නු ලංවෙන්නෙ හොදකට නම් නෙමෙයි.