මුහුණු පොතෙන්

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ විග්‍රහයක් :අලි සබ්රි තවදුරටත් අධිකරණ ඇමති ධුරයේ සිටිය යුතු ද ?

අධිකරණ ඇමති බලතල භාවිතා කරමින් අලි සබ්රි ගේ පහත ක්‍රියාකාරකම් පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න

1. දෙමළ භාෂාව කථා කිරීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා,  නීතිඥයින් 150ක්  ,  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්    ලෙස දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථාන වලට  සම්මුඛ පරීක්ෂණ මගින් බඳවා ගැනීමේ  යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම

මෙම යෝජනාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර ,රාජ්‍ය සේවයේ බදවා ගැනීමේ බදවා ගැනීමේ පටිපාටියට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූවකි.

2. සියලුම කොරෝනා මෘතදේහ  අනිවාර්යෙන්ම ආදාහනය කළ යුතු යයි  නිරෝධායන පනත යටතේ නිසි බලධාරියා වූ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කොට , ගැසට් පත්‍රයක් මඟින් ද ප්‍රකාශයට පත් කොට, රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබූ අවස්ථාවක, සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද එම තීරණය තහවුරු කොට තිබිය දී ,  එය ට  පටහැනිව, වර්ගවාදී  සහ අන්තවාදී  ලෙස කටයුතු  කොට  රට තුළ අස්ථාවර තත්වයක් ගොඩනැගීමට  මූලික වීම

ඒ වෙනුවෙන්  රජයේ ප්‍රතිපත්තිය ට පටහැනිව   ඉස්ලාම් අන්තවාදී  කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටීම

කොරෝනා මෘත දේහ  පිළිබඳව තීරණ ගැනීමට සෞඛ්‍ය  ඇමැතිවරිය විසින් පත් කළ තාක්ෂණික කමිටු රැස්වීම් වලට පැමිණ  , එම කමිටුවේ  සභාපති  අධිකරණ වෛද්‍ය විශේෂඥ වරයා ඇතුලු කමිටුවට තර්ජනාත්මකව බලපෑම් කිරීම

අවසානයේ දී බහුතර ජනතාවගේ මතයට විරුද්ධ ව කොරොනා මෘතදේහ භූමදානය කිරීම සඳහා රජයට බලපෑම් සිදු කිරීම

3. ” එකම රටක්  එකම නීතියක් ”  ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ යුතු යැයි , සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ පොරොන්දු තුළ ද, රජයේ පිහිට වූ පසු ද , ක්‍රියා කරමින් සිටින අවධියක ,ජනාධිපති තුමාගේ ප්‍රතිපත්තියට පටහැනිව , අධිකරණ අමාත්‍යංශය මගින් කාති උසාවි සඳහා  කාති වරු පත් කිරීමට ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම

4. ජාතීන් සඳහා වූ විවිධ නීති  වෙනුවට එකම නීතියක් රට තුළ ස්ථාපිත කළ යුතු බවට   රජයේ ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කරනු වෙනුවට ,ඊට කිසිසේත්ම  අදාල නොවූ විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු යැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය කිරීම

5 .ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට  පටහැණි ව ,ජාතිවාදී හා වර්ගවාදී පදනමින්  මුස්ලිම් වරුන් 5000 කට එක් හදිසි මරණ පරීක්ෂක වරයෙකු  පත්කිරීමට මාර්ගෝපදේශක  සංග්‍රහයක් අධිකරණ අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කිරීම

ඒ සඳහා කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම දැනුවත් වීමකින් තොර ව සහ  ප්‍රාදේශීය ලේකම්වරුන්ට  නියෝග නිකුත් කිරීම

අධිකරණ ඇමති අලි සබ්රි  මෙහෙය වූ  මෙම අන්තවාදී රැල්ල හා ඊට සමගාමීව සිදු වූ තවත් ක්‍රියාකාරකම් නිසා    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ වර්තමාන රජය පත් වී ඇති  තත්ත්වය

1. අලි සබ්රි අධිකරණ ඇමති ධූරයේ සිටින  තාක් කල් ” එක් රටක් එක නීතියක්   ”  යන රජයේ මූලික ප්‍රතිපත්තිය කිසි විටෙකත් ඉටු නොවන බවට  විද්වත් වෘත්තිකයන් ඇතුළු බහුතර ජනතාව ( විශේෂයෙන් ම පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් සහ ගරු ජනාධිපති තුමාගේ  මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සියලුම පරිත්‍යාගයන් කළ ජනතාව තුළ )
බලවත් කලකිරීමක් ඇති වීම

2. රටේ බහුතර ජනතාව තුළ , විශේෂයෙන් ම දෙමවුපියන් තුළ තම දරුවන්ගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත භාවයක් ඇති වීම
( නැවත වරක් තිස් අවුරුදු ත්‍රස්තවාදී යුගය හෝ ඊටත් වඩා භයානක අන්තවාදී ,වර්ගවාදී ගැටුම් වලින් යුතු  අනාගතයක් ඇති   විය හැකි බවට  සැක පහළ වීම   )

එක් රටක් එක් නීතියක් වෙනුවට වර්ගවාදී පදනමින්  ,සුළු ජාතීන්ගේ ඡන්ද ලබා ලබා ගැනීමේ අරමුණින් දැනට සිදුවන පටු දේශපාලනික ක්‍රියා මාර්ග නිසා  අනාගතයේ මෙවැනි සමාජයක් බිහි වීම නො වැළැක්විය හැකි ය .

3. බලවත් විශ්වාසයෙන් හා ගෞරවයෙන් යුතු ව ජනාධිපති තුමා සහ රජය පිළිබඳව කටයුතු කළ ,ඒ වෙනුවෙන් ඡන්දය දුන් 69 ලක්ෂයක ජනතාවගේ ප්‍රාර්ථනා  එකිනෙක බිඳ වැටීම

මේ තත්ත්වය  කොතරම් බරපතළ දැයි කිවහොත්   තමා ජනාධිපති තුමා වෙනුවෙන් සහ පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් ඡන්දය දුන් බව කීමට  පවා  පසුබෑම   සහ තමන් අතින් වූ වරද පිළිබඳ ව පසුතැවිලි වීම  ,උගත් වෘත්තිකයන් පමණක් නොව සාමාන්‍ය  බහුතර ජනතාවගේද පොදු අත්දැකීමක් බවට පත් වීම .

4. විශේෂයෙන් ම රුවන් වැලි සෑය අබියස  බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කරන බව ටත්  , බෞද්ධ උරුමය වූ පුරාවස්තු සංරක්ෂණය කර බවටත්  වූ පොරොන්දු   තවදුරටත්  ඉටු නොවනු ඇතැයි උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවන ක්‍රියාකාරකම් වලින්  පැහැදිලි වෙයි .

මෙම මෙම පසුබිම තුළ ගෞරවනීය සංඝරත්නය තුළ බලවත්  කලකිරීමක් ඇති වී තිබේ .

රජය ප්‍රමුඛත්වය   ගෙන වැඩ කළ යුතු     ජාතික ,ආගමික හා ශාසනික  ප්‍රශ්නයකදීම කළ යුත්ත නැවත ,නැවතත් මතක් කර දීමට සිදු වීම සහ ඒ අයුරින් ඉටු නොවීම නිසා විරෝධතාවය දැක්වීමට සිදු වීම ඉතාම කනගාටුදායක තත්ත්වයකි.

5. වනාන්තර විනාශය, ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, අන්තවාදීන් විසින් සූක්ෂම ලෙස  ජනපද පිහිටුවීම  වැනි  සැබවින්ම සිදුවෙන,මේ සියලු ක්‍රියාකාරකම් විරුද්ධවාදීන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් යැ යි  ලඝු කොට   හිතා මතාම නොසලකා හැරීම   බලවත් ප්‍රශ්නයකි .

සුළු ජාතික ඡන්ද වෙනුවෙන් මෙවැනි  පටු  ක්‍රියාකාරකම්   වලට , ජනාධිපති තුමා ඇතුළු රජය යොමු වනු ඇතැ යි   ඡන්දය දෙන අවස්ථාවේ දී බහුතර ජනතාව බලාපොරොත්තු නොවිණි .

6. බහුතර ජනතාවගේ බලාපොරොත්තු වූ විනය ගරුක,  නීති ගරුක  සමාජයක් බිහි වනු ඇතැයි වූ ප්‍රාර්ථනය ද, දැන්   ජනතාවගෙන්  ගිලිහී  තිබේ.

මාර්ග විනය රැකීම පිළිබඳ ව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් නොහික්මුණු රියදුරන් නිසා, සිදුවන දිනකට සිදු වන ජීවිත හානි  සලකා බලන විට  තිස් අවුරුදු යුද්ධයටත් වඩා භයානක තත්ත්වයක් දැන් උදා වී ඇත

උදේ නිවසින් පිටවන තම දරුවන් ඇතුලු පවුලේ ඇතුළු පවුලේ සාමාජිකයින්  සවස නැවත නිවසට පැමිණේ දැ යි සැක හිතෙන තරමටම මාර්ග අනතුරු බහුල වී තිබේ .

රජයේ නායකයන් තුළ ,අතීතයේ අප දුටු  විනය හා ශික්ෂණය පිළිබඳ  වූ මග පෙන්වීම් සහ  ආදර්ශයන්  දැන් නොමැති වීම නිසා විනය, ශික්ෂණය සහ හැදියාවෙන් තොර   අයාලේ යන  සමාජයක් බිහි වී තිබේ .

7.මෙහි පසුබිම තුළ  මෙම රජය  කවර මට්ටමක ඡන්දයක් පැවැත්වූවත්  ජය නොගන්නා බව ඉතා පැහැදිලි ය. බලයට පැමිණ  වසරක් වැනි කෙටි කාලයක් තුළ  එවැනි ඉරණමකට පත්වූ ප්‍රථම ආණ්ඩුව  වීමත් ඓතිහාසික කරුණකි.

මේ සමස්ත ප්‍රශ්නයට ඇති විසඳුම කුමක්ද ?

1.ඉහතින් සඳහන් කළ සියලු ජනතා ප්‍රාර්ථනා බිඳ දැමීමට මුල්ම පදනම සකස් කළ අධිකරණ ඇමති අලි සබ්රි එම තනතුරින් ඉවත්කිරීම

( අධිකරණ ඇමැති ලෙස අලි සබ්රි තවදුරටත් ඉදිරි වසර 04 තුළ කටයුතු කළහොත් ඇති විය හැකි භයානක ප්‍රතිවිපාක පිළිබඳව බහුතර ජනතාව තුළ ඇත්තේ සාධාරණ බියකි , සැකයකි . )

2.ජනාධිපති තුමා සහ මෙම රජය බලයට පත් කිරීමට සියලු කැපකිරීම් කළ ගෞරවනීය මහා සංඝරත්නය , ඇතුළු ජාතික සංවිධාන වල නායකයින්ට සහ පොදු ජනතාවට එදා රුවන්වැලිසෑය අබියස වූ පොරොන්දුව ඉටු කරන බවට අවංකව සහතික වීම

3. “එක රටක් එක නීතියක් ” සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි යථාර්ථයක් කිරීම සඳහා ගත යුතු සියලුම ක්‍රියා මාර්ග නොපමාව ගැනීම

සිදු වූ වැරැදි නිවැරැදි කර ගැනීමට ප්‍රමාද වෙන මොහොතක් අපට රටක් අහිමි වෙන බවත් ,අනාගත දූ දරුවන් ට සාමකාමීව ජීවත් වීමට ඉඩ කඩ තව දුරටත් අහිමි වෙන බවත් දැනගත යුතුය .

එම නිසා රටට ,ජාතියට ,ආගමට සැබෑ ආදරයක් ඇති රජයේ දේශපාලන නායකයින් ගේ පරම යුතුකම වන්නේ අනාගත දූ දරු පරපුරේ ශාපයට භාජනය නොවී මේ මොහොතේ කළ යුතු යුතුකම සහ වගකීම රට වෙනුවෙන් නොපමාව ඉටු කිරීමයි.



One thought on “අලි සබ්රි ගේ  ක්‍රියාකලාපය  , වර්තමාන රජය  සහ ශ්‍රී ලංකාවේ අනාගතය”

  1. ගෝඨාභය මහත්මයා අලි සබ්බ්‍රි අධිකරණ අැමති ධූරයට පත්කල විගස අපිටනං වැටහුනා සිංහල බෞද්ධ ජනතාව නැවත ඉල්ලගෙන කෑව කියල.
    අැත්තටම අපි රටවෙනුවෙන් තව බලාපොරොත්තු තබාගැනීම සිහිනයක්ම පමණක් වේවි.

Leave a Reply to Pemkanthi Abeygunawardena Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More