දේශීය පුවත්

මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා ගෙන එනු ලැබීය.

එසේම ඉකුත් පෙබරවාරි 25 වැනිදා රටවල් 38ක නියෝජිතයින් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කරණු ලැබීය.

කෙසේ වුවද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඡන්ද විමසීම අද (23) පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය. එසේම තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මේ සම්බන්ධව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලැබූ අතර එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා  පවසා සිටියේ “මහා බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාව ජයග්‍රහනය වීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ ජයග්‍රහනයක් ලෙසයි අප සලකන්නේ. මක් නිසාද යත් විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ මහතා ඇතුලු “පාත් ෆයින්ඩර්වරු” උත්සහා කළේ ශ්‍රී ලංකාව සියතින් ගෙල වැල ලා ගැනීමට අදාල වන්නාවූ ප්‍රතියෝජනාවක් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ගෙන ඒමටයි. එහෙත් විදේශ අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා එඩිතරව මෙන්ම ඉතාම තර්කානුකූල ලෙස 30/1 යෝජනාවෙන් ඉවත් වීම, මහ කොමසාරිස් වාර්තාව ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රතියෝජනාවක් ගෙන ඒමෙන් වැලකී සිටීම කරණු ලැබුවා. ශ්‍රී ලංකාව විසින්ම තමා අමාරුවේ වැටෙන ප්‍රතියෝජනා ඉදිරිපත් කර ගැනීමෙන් වැලකී සිටීමට කටයුතු කිරීම අපගේ ජයග්‍රහණයක්. ඒ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යයවරයාට අපගේ ගෞරවණීය ප්‍රණාමය හිමිවෙනවා.ඒ වගේම මේ ජයග්‍රහණය ලබා ගන්නා තෙක් ලෝකය පුරා විසිරී සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ විවිධ උද්ඝෝෂණ කරමින් ජයනාත් කොළඹගේලාගේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට ගත් උත්සාහය මල් පල ගැන්වී තිබීම සතුටට කාරණයක්.” යනුවෙනි.



One thought on “ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව සියතින් ගෙල වැල ලා ගැනීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කරමින් සිටි ජයනාත් කොළඹගේලාගේ උත්සහාය පරාජය කරවූ විදෙස් අමාත්‍යය දිනේෂ් ගුණවර්ධනට අපගේ ප්‍රනාමය පිරිනමනවා- ජාතික සංවිධාන එකමුතුව”

Leave a Reply to Pemkanthi Abeygunawardena Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More