දේශීය පුවත්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීම සඳහා සහ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ලබාදීම සඳහා වන යෝජනාවක් පාර්ළිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර එය සම්මත වුවහොත් විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ දීමනාවද ඉහළ යනු ඇත.

පාර්ළිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මේ සඳහා හිමි වී ඇති අතර එය සම්මත වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68(1) ව්‍යවස්ථාවට අනුව පාර්ළිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවක් හරහා මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමි විය යුතුය.

මීට පෙර පැවති ආණ්ඩු දෙක යටතේම මන්ත්‍රී වැටුප් වැඩි නොවීම සහ වැටුප් වැඩි කරන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් වැටුප් ඉහළ දැමීම සඳහා යෝජනා කළ බවයි කතානායකවරයා පවසන්නේ.

යහපාලන රජය සමයේදී එවකට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට යෝජනා කළ නමුත් විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ එම ඉල්ලීම ඉවත දැමීමට සිදුවිය. එවර දැඩි විරෝධය පළකල පාර්ශ්වය විසින් මෙවර මන්ත්‍රී දීමනා වැඩිකර ගැනීමට යෝජනා කරද්දී පාර්ළිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජනය කරන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ද ඊට එකඟතාවය ලබා දී තිබෙනවා.



One thought on “අපිට වැඩිය දෙනව නම් මොන කෙංගෙඩියද තව විරුද්ධ වෙන්නේ?”

  1. ජනතාව රෝග බියෙන් සහ ආර්ථික කඩාවැටීමකට ලක්ව ඇති මේ මොහොතේ තමන්ගේ දීමනා වැඩිකරගැනීම කෙතරම් සදාචාරසම්ම්පන්න දැයි බත්කන ගවයන්ට නොතේරීම අවාසනාවකි. 69 ලක්ෂයක් ජන්දය ලබාදී සෞභාග්‍යයේ මාවත දිගේ රට ගෙනයාමට බලයට ගෙන ආ ජනපති ඇතුළු සියලුම දේශපාලකයන් මේ අවස්ථාවේ නොකළ යුතු දෙයකි.

Leave a Reply to sunil chandrakumara Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More