මෙගවොට් එකසිය හැටපහක (165) විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරුණු කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් වසරකටත් අධික කාලයක සිට අකී‍්‍රය වී තිබීම හේතුවෙන් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 135ක පමණ (මිලියන 1350) පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
අදාළ ජනන යන්ත‍්‍රයෙන් උත්පාදනය කෙරුණු විදුලි ධාරිතාව පෞද්ගලික බලාගාරවලින් ලබා ගැනීම සහ වෙනත් ක‍්‍රම මගින් සපයා ගැනීම සඳහා දිනකට රුපියල් මිලියන තිහක පමණ වැය බරක් දැරීමට විදුලිබල මණ්ඩලයට සිදුවීම මෙයට හේතුවී ඇතැයි ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
නිසි පරිදි ලිහිසි තෙල් නොයොදා ජනන යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කිරීම නිසා එහි විදුලිය උත්පාදනය කෙරෙන ජෙනරේටරයේ “රොටරය” හෙවත් ආමේචරය” කැඞී යෑමෙන් එම ජනන යන්ත‍්‍රය අකී‍්‍රය වී ඇතැයි ඔහු කීවේය.
“යාන්ති‍්‍රක ඉංජිනේරුවන්” විසින් සිදු කළ යුතු මෙහි නඩත්තු කටයුතු “විදුලි ඉංජිනේරුවන්” විසින් හිතුවක්කාරී ලෙස සිදුකිරීමට යෑම නිසා වසරකටත් අධික කාලයක සිට එය යථා තත්ත්වයට පත්කළ නොහැකිව තිබෙන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
විදුලි ඉංජිනේරුවන්ගේ මෙම අත්තනෝමතික වැඩපිළිවෙළ හමුවේ; අඩාල වී ඇති අදාළ ජනන යන්ත‍්‍රයේ අලූත්වැඩියා කටයුතු නිසි පරිදි සිදුකරවන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකර ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන “නැප්තා” නමැති ඉන්ධනය යොදා මෙම යන්ත‍්‍රයේ විදුලි උත්පාදන කටයුතු සිදුකර ඇති අතර එය අකී‍්‍රය වීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන “නැප්තා” ඉන්ධන තොග මේ වන විට රටට ප‍්‍රයෝජනයක් ගත නොහැකි වීම නිසා කුණුකොල්ලයට විදේශයන්ට විකිණීමට සිදුව ඇතැයි පැවසෙයි.
මේ සම්බන්ධයෙන් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් සිදු කළ විමසීමකදී අදාළ ජනන යන්ත‍්‍රය ඉකුත් 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී අකී‍්‍රය වී තිබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.
පසුව එය ඉකුත් කාලයේ අලූත්වැඩියාව සඳහා ඉන්දියාවට යවනු ලැබූ අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාස කිහිපයක් එය ඉන්දියාවේ සිරවී තිබුණු බව කී ඇමැතිවරයා කෙසේ වෙතත් තමන් මීට දෙදිනකට පෙර අදාළ නිලධාරීන් කැඳවා එම යන්ත‍්‍රය පිළිබඳ කළ විමසීමකදී එය ලබන අපේ‍්‍රල් මස මුල් සතිය වන විට සකස් කරන බවට ඔවුන් ප‍්‍රකාශ කළ බව ද සඳහන් කළේය.
(දිවයින පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
The Chief Executive Officer or the General Manager of company or Corporation been appointed to manage the Commercial organization. He or she responsible for the overall capacity, Soundness, Profitability and responsibility, where he/she is paid for by Public funds. The GM of the CEB should punished by imposing disciplinary action and discharge of duties with the immediate effect. But in our Sri Lanka, no action for any outlaw, but total loss pass on to the commoner. This is why 1945 and today is the same, no change