දේශීය පුවත්

ජිනීවාහී දැන් පැවැත්වෙන 46 වන මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව ලංකා ලීඩ් නිවුස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ මෙම රජය නිසි කල නිසි දේ නොකිරීමෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි.

එනම්, මෙම රජය බලයට පත්වූ විගස 30/1 සහ 40/1 ආදිය සඳහා වහා විශේෂ සභා වාරයක් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමට තිබුන බවත්, ඒ අනුව 30/1 සඳහා විත්තිවාචිකයක් ඉදිරිපත් කලයුතුව තිබුණි. ගෝඨාභය මහතා බලයට පත්වීමෙන් පසුව සමුළු වාර හතරක්ද මෙම රජය බලයට පත්වීමෙන් පසු සමුළු වාර දෙකක්ද පැවති නමුත් ඒ අවස්ථාවල ඔවුන්, එනම් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව, පුනපුනා කිව්ව නමුදු රජය ඒ සඳහා උනන්දු නොවුන බවත් එම ස්වර්ණමය අවස්ථා රජය මග හැරිය බවත් එහි විපාක දැන් ඉතා පැහැදිලිවම පෙනෙන්නට තියෙන බවත් යසස් ධර්මදාස මහතා පවසයි.

විත්තිවාචිකයක් ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමෙන් මිස අපගේ රණවිරුවන්ට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා වලින් ඔවුන් මුදවා ගැනීමට ඉඩ නොලැබෙන බවත් ඔවුන් සියළුදෙන ජාත්‍යන්තරය හමුවේ යුද අපරාධ කරුවන් ලෙස පිළිගැනෙන බවත් සඳහන් කරන ලදී. එසේම එහි තදබල විපාක වත්මන් රජය බලයෙන් පහව ගිය දිනෙක ඔවුන් හට රට තුලදීම විඳින්නට අනිවාර්‍ය්යෙන් සිදුවෙන බවද ප්‍රකාශ කරන ලදී.

එබැවින්‍ රජය විත්තිවාචකයකින් තොරව වෙන කුමන ආකාරයේ යෝජනාවකට යටත් වුවද ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකල රටක් ලෙස ලෝකයා ඉදිරියේ හැඳින්වීම සිදුවෙනු ඇති බවද සඳහන් කරන ලදී.

එසේම අපේ රණවිරුවන් බටහිරට යුද අපරාධකරුවන් ලෙස කවදාහෝ මියයන තෙක් සැළකීමේ පාපය යහපාලන රජයට මෙන්ම මෙම රජයටද සමසේ දැරීමට සිදුවන බවද සැළකර සිටිනලදී.



One thought on “අපට රණ විරුවන් බටහිරට යුද අපරාදකරුවන්???”

  1. When you select and appointed zombies to represent you in the Parliament, this is the ultimate result. When politicians of a country dilute outcome of National disaster like buchery of innocent worshippers, the war heroes are negligible and forgotten as political priorities are the most wanted to remain in power, whatever heroes sacrificed.

Leave a Reply to Prematilleke Mawella Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More