දේශීය පුවත්

ඊයේ (25) දින එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයට එහි මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදී කැපී පෙනෙන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් ලෙස ඉදිරිපත් වෙමින් රුසියාව, චීනය, සිරියාව, මාළදිවයින, වෙනිසියුලාව, කැමරූන්, බෙලරූස්, ඉරානය, පිලිපීනය, දකුණු කොරියාව, පකිස්තානය, ගැබෝන්, වියට්නාමය, …….. යන රටවල් එම යෝජනාවට එරෙහිව කොන්දේසි විරහිතව තම අදහස් දැක්වීමයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සම්පත් වලට ඇස ගසමින් රටේ ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට මෙන්ම නොබැඳි පිළිවෙතට අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ භූ දේශපාළන තුළනයට විවිධ බාධා එල්ල කරන ඇමරිකාව, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය එම යෝජනාවට පක්ෂව අදහස් දැක්වීම ද කැපී පෙනුනි.

රුසියාව (ශ්‍රී ලංකාවට පක්ෂපාතී )

බාහිර පීඩනයකින් තොරව ප්‍රමුඛතා හඳුනාගනිමින් මෙන්ම අවශ්‍යය යැයි ශ්‍රී ලංකාව තීරණය කරන අවස්ථා වලදී ජාත්‍යන්තර සහය ලබමින් මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනයට සහය ලබාදිය යුතු බව යෝජනාවට විරුද්ධ වෙමින් රුසියාවේ නියෝජිතයින් අදහස් දැක්වීය.

චීනය (ශ්‍රී ලංකාවට පක්ෂපාතී )

තම බළය අතික්‍රමණය කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන මෙම යෝජනාවේදී මානව හිමිකම් කවුන්සිලයේ අපක්ෂපාතී බව පිළිබඳ චීනයේ අවධානය යොමුවී ඇති බවත් මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරමින් සිදුකරන ආක්‍රමණයක් බවත් පවසන චීන නියෝජිතයින් මානව හිමිකම් කවුන්සිලය දේශපාලනීකරණය වෙමින් ගෙනයන දෙබිඩි පිළිවෙත හෙළාදකින බව ද ප්‍රකාශ කර සිටියේය.

බෙලරූස් රාජ්‍යය (ශ්‍රී ලංකාවට පක්ෂපාතී )

ශ්‍රී ලංකාව විසින් ලබාදෙන තොරතුරු ද නොසලකා, රටේ එකඟත්වයකින් තොරව, ඒක පාර්ශවිකව මෙන්ම පක්ෂග්‍රාහීව මහ කොමසාරිස්වරිය විසින් ගෙන එන ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාවට බෙලරූස් රාජ්‍යය විරුද්ධ වන බව එම නියෝජිතයින් ප්‍රකාශ කළ අතර මින්පෙර ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් 30/1, 40/1 යෝජනා වලට සම අනුග්‍රාහකත්වය දැක්වූ රාජ්‍යයන් විශාල ප්‍රමාණයක විශේෂ නියෝජිතයින් කිසිවෙකුත් පසුගිය අවුරුදු 20ක කාළය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කර නොමැති වුවත් පසුගිය වසර 4ක කාළය තුළ ඡන්ද බළය හිමි රාජ්‍යයන් 10ක නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබීම වාර්තාවක් බවත් ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වමින් පෙන්වාදී තිබේ.

බ්‍රිතාන්‍යය ( ශ්‍රී ලංකාවට එරෙහි )

සිවිල් පරිපාළනය හමුදාකරණය කිරීම, බළහත්කාරී ආදාහනය අවධානයට ලක්වී ඇතැයි ද 30/1 යෝජනාවේ සඳහන් වගකීමේ සහ වගවීමේ ක්‍රියාවළිය නිසි පරිදි සිදු නොවීම මෙන්ම එහි සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම කණගාටුවට කරුණක් බව ද බ්‍රිතාන්‍ය නියෝජිත ලෝර්ඩ් තරික් අහමඩ් විම්බ්ලෙඩන් පැවසුවාය.

ඇමරිකාව ( ශ්‍රී ලංකාවට එරෙහි )

මහ කොමසාරිස්වරියගේ යෝජනාවළිය ක්‍රියාත්මක කරන කාළ සටහනක් ශ්‍රී ලංකාව විසින් ලබාදිය යුතු බවත් වර්තාවේ සඳහන් කරුණු මෙන්ම යෝජනා ද ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර තිබීම ද සැළකිල්ලට ගත යුතු යැයි ඇමරිකානු නියෝජිතයා ප්‍රකාශ කළේය.

සුපුරුදු පරිදි යුරෝපා සංගමය, නෝර්වේ, කැනඩාව, ජර්මනිය ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් දැක්වීය.

ඉන්දියාව (දෙබිඩි )

තම සුපුරුදු දෙබිඩි පිළිවෙත අනුගමණය කරමින් ඉන්දියාව ප්‍රකාශ කර සිටියේ ආසන්නතම සහ සහෝදර අසල්වැසියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනයට රුකුල් දෙන බවත් මින් පෙර ගෙන එන ලද මෙවැනි යෝජනා 7න් වැඩි ප්‍රමාණයක දී ශ්‍රී ලංකාවට එරෙහිව තම ඡන්දය භාවිතා කර ඇති බවත් දෙමළ ජනතාවට බළය බෙදාහැරීමට 13 ට එහා ගිය වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව අවතීර්ණ වියයුතු බවත්ය.

පකිස්තානය (ශ්‍රී ලංකාවට පක්ෂපාතී )

පකිස්තාන නියෝජිතයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අවුරුදු 30ක් ශ්‍රී ලංකාවේ පැවති දෙමළ ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට ඉන්දියාව උදව් කළ බවයි.



2 thoughts on “අවුරුදු 30ක් ශ්‍රී ලංකාවේ පැවති දෙමළ ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට ඉන්දියාව උදව් කරා – මානව හිමිකම් කවුන්සිලයේ පකිස්තාන නියෝජිත”

  1. එංලන්තෙ අපේ රටට අැවිත් අපේ සම්පත් ඔක්කම සූරගෙන ගිය එ්ව අමතක් වෙලා ද?

    අපේ මිනිස්සුන්ව අමු අමුවෙ ඝාතනය කරා, ගම් නියම් ගම් හරක බාන ඔක්කම විනාස කරපු එවුන්ද දැන් සමූල ඝාතන ගැන කතා කරන්නෙ.

  2. It is pleased to note that Pakistan had said, what Sri lankan were hiding to disclose the truth of India was the architect of LTTE menance, that destroyed the country over 30 years. India always hate Sri Lanka. The introduction of Provincial councils and also 13th Amendment, were calculated errornous matrices, miserably failed and we pay endless consequences as of today

Leave a Reply to PRematilleke Mawella Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More