පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඊයේ 30 පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට යම් පිළිගත හැකි විසදුමක් ඇත්නම් එය ලිඛිතව ලබාදෙන ලෙසත් පාරතොටේ කියන දේවල් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පිළිගන්නේ නැති බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගුණවංශ හිමියන් පවසා සිටියේ තමන් වහන්සේටද දුරකථන ඇමතුම් ලබාදෙමින් ආණ්ඩුවේ පාර්ශ්ව යම් යම් ප්‍රකාශ සිදුකරන බවත් එහෙත් ඒවා පිළිගත හැකිවන්නේ මහත්වරුන් ලෙස එම යෝජනා ලිඛිතව ලබා දුනහොත් පමණක් බවත්ය.
මෙම මාධ්‍ය හමුව සදහා මහින්ද ජයසිංහ, දුමින්ද නාගමුව, ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, නීතිඥ කපිිිලපෙරේරා ඇතුළු නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නායකයෝ රැසක්ද එක්ව සිටියහ.
ඒ මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
හරියට හරි හාමුදුරුවනේ. අගමැතිතුමා කිව්වට ඒක සහතිකයක් නෙමෙයි. කියන්න ඕනේ ජනාධිපතිතුමා. කියලා විතරක් මදි, ලිඛිතව දෙන්න ඕනේ. අමතක කරන්න හොඳ නැහැ, හාමුදුරුවරු ඉදිරිපත් වුනේ නැත්නම්, ගෝඨාභය මේක කරනවා.
ගෝඨාභය චන්දෙ ඉල්ලන කොට මම ලිව්වා ඔහු කවදාවත් ඇමරිකාව එක්ක තියෙන MCC ගිවිසුම අහෝසි කරනවා කියලා කවදාවත් කිව්වේ නැහැ. ඒක කිව්වේ ඔහු වටේ හිටපු කට්ටිය. ඒ විදිහටම ගෝඨාභය ජනාධිපති වෙච්ච ගමන් MCC ගිවිසුම අහෝසි කරනවා වෙනුවෙට ඒක ක්‍රියාත්මක කරන්න සැලසුම් කළා. අහෝසි කරනවා නම් කමිටු මොකොටද? ඔහුට ඕනේ වුනේ තීරණය කාගේ හරි පිටින් දාල MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න. දැන් ඔහු විවිධ හේතු කියමින් රටේ ස්වාධිනත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න තියෙන සියලු අණ පනත් වෙනස් කරනවා. එකම හේතුව MCC ගිවිසුම නැවත කරලියට එනකොට ඒකට තියෙන බාධක ඉවත් කරන්න. MCC ගිවිසුම යට ගියේ තාවකාලිකව පමණයි. ඒ හින්ද කලින් මෙහෙම කියපු දේවල් වෙනස් කරලා තියෙන හින්ද, කොළොඹ වරායේ කිසිම කොටසක් ජාතියට අහිමි කරන්නේ හෝ විදේශීය රටවලට හෝ විදේශීය හෝ දේශීය සමාගම් වලට විකුණන්නේ නැහැ කියල ලිඛිත සහතිකයක් ගන්න ඕනේ. ඊළඟට රටේ වටේ කරන අනිත් මහා ජාතික අපරාධ, වනාන්තර විනාශය සහ ඉඩම් විකිණීම් නවත්තගන්නත් ඕනේ. අනිත් රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගන්නත් ඕනේ.