ඊයේ (27දා) බත්තරමුල්ල වොටර්ස්එජ් හිදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසා සිටියේ කොළඹ වරායේ නැෙඟනහිර ජැටියෙන් වැඩි වශයෙන්ම අපේක්‍ෂා කරන්නේ ඉන්දියාවට භාණ්ඩ ප‍්‍රතිනැව්ගත කිරීමට වන බැවින් ඉන්දියාවේ සහාය ගැනීම වඩාත්ම සුදුසු විකල්පය බවයි.
එහිදී මුදල් රාජ්‍යය ඇමතිවරයා අවධාරණය කර සිටියේ නැෙඟනහිර ජැටියේ සේවය ලබා ගන්නා ලොකුම ගැනුම්කරු වන්නේ ඉන්දියාව බවත් ඒ නිසා මෙහි වෙළෙඳාම වැඩි වශයෙන්ම යොමුවන්නේ ඉන්දියාව දෙසට බවත්ය.
මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුදෙමින්,”මේ සම්බන්ධයෙන් අපේ රජයට ඉන්දියානු බලපෑමක් නැහැ. එහෙත් අපට ව්‍යාපාර කටයුතු බලෙන් කරන්න බැහැ. ඒ නිසා මේ ජැටියේ ප‍්‍රයෝජනය රටට ගත හැකි වනුයේ ඉන්දියාවත් සමඟ ඒ අයත් තෘප්තිමත් වන ලෙස කටයුතු කිරීමෙන් පමණයි.අපේ පක්ෂය තුළත් මේ ගැන කතිකාවක් තියෙනවා. අප හැමෝටම විවිධ මත තියෙන්න පුළුවන්. එහෙත් අප යම්කිසි ස්ථාවර තැනකට එන්න ඕනෑ. සෑම මතයක් අනුවම කටයුතු කරන්න අපහසුයි. මෙය තවදුරටත් හොඳින් කරන්න පුළුවන් ක‍්‍රමවේද සහ යෝජනා තියෙනව නම් ඒ ගැන හොයල බලල කටයුතු කරන්නත් රජය සුදානම්” යැයි මුදල් රාජ්‍යය අමාත්‍යය කබ්රාල් මහතා පවසා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, “යෝජිත ආයෝජන එකඟතාව හරහා ශ‍්‍රී ලංකාවට සියයට 51 ක පාලන බලය හිමිවනවා. මෙය නැෙඟනහිර ජැටියේ කොටසක් විකිණීමක් හෝ බදු දීමක් නොවෙයි ආයෝජනයක්. අපට කාත් එක්ක ද ගනුදෙනු කරන්න සිදු වෙන්නේ යන යථාර්ථය අප තේරුම් ගත යුතුයි.” යනුවෙන් අවධාරණය කළේය.
මේ දිනවල රුපියලට ඇති පීඩනය සම්බන්ධයෙන් මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් කබ්රාල් මහතා පවසා සිටියේ රුපියල මත ඇතිවී ඇති පීඩනය තාවකාලික එකක් බවත් එය ඉදිරි දිනවලදී සමනය වනු ඇති බවත්ය.
මේ පොර්ට් එක හැදෙන්නෙම ඉන්දියාව සඳහා(Video )

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Great work if it is an investment
Ratata godak ayojana me welawe awashyayi