දේශීය පුවත්

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද(11) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වී ඇති බවත් ඔවුන් දැඩි පරීක්ෂාවකින් අනතුරුව දළදා මාලිගාවේ සංචාරය සඳහා එක්ව ඇති බවත් පැවසේ.

එමෙන්ම පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් වෙනම ස්ථානයකින් ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණීමට පහසුකම් සලසා තිබූ බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් සිය විරෝධය දක්වා ඇත්තේ මෙසේය.

“මේ කට්ටියට කිසිම නිරෝධායන ඇඳුමක් නැහැ. මේ වටේ ඉන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රෝගය හැදුනොත් වගකියන්නේ කවුද? දළදා මාලිගාවට කැඳවන්නේ නැහැ කියලා කියපු වේලාවක් මේක. එතකොට මේ අය මල්වතු මහ විහාරයට, අස්ගිරි මහ විහාරයට සියල්ලටම බොරුකරලා මේ එක්කරන් යන්නේ. වාහනවල ඉන්න රියදුරන් ඉන්න විදිහ බලන්න. මේ අය කිව්වා ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා. ඒත් කිසිම දෙයක් නැහැ.“



One thought on “යුක්‍රේන සංචාරකයින් අද දළදා මාලිගාවේ සංචාරයක, පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන්ගෙන් දැඩි විරෝධය”

Leave a Reply to Professor Sisira Siribaddana Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More