දේශීය පුවත්

ඇණවුම් කරන ලද කොත්තමල්ලි තොග වෙනුවට යුක්රේනයේ සමාගමක් විසින් කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28 ක් එවා ඇත්තේ මෙරට වෙළෙඳුන් හත් දෙනකුට වන අතර ඉන් තිදෙනෙක් එම කොත්තමල්ලි සඳහා රුපියල් කෝටි හයකට වැඩි මුදලක් දැනටමත් ගෙවා දමා අවසන් බව වාර්තාවේ.

මෙකී කෘෂි අපද්‍රව්‍ය තොගය ශ‍්‍රී ලංකාවට බරපතළ හානි ගෙනදිය හැකි බැවින් තමන් ගෙවූ මුදල් යුක්රේන සමාගමෙන් ආපසු ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස අගතියට පත් ආණයනකරුවෝ ලක් රජයෙන් ඉල්ලා සිටින අතර මෙය දැන් බරපතළ අර්බුධයක් බවට පත්ව තිබේ.

මෙය සම්පූර්ණයෙන්ම යුකේ‍්‍රන සමාගමේ වංචාවක් විය හැකි බවට සැකයක් පවතී. මෙම අපද්‍රව්‍ය කන්ටේනර් තොගය ඔරුගොඩවත්තේ රේගු අංගනයේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ශ‍්‍රී ලංකාව වැඩි වශයෙන්ම කොත්තමල්ලි ආණයනය කරන්නේ බල්ගේරියාව සහ රුමේනියාව යන රටවලිනි. පසුගිය වසර පහක කාලය තුළ කැනඩාවෙන් සහ මොරොක්කෝවෙන් ද කොත්තමල්ලි ආණැයනය කෙරේ. ඉන්දියාවේ කොත්තමල්ලි මිල අධික වන අතර තත්ත්වයෙන් ද උසස් බව කියවේ. කොත්තමල්ලි හිඟයක් මේ දිනවල වෙළෙඳපොළේ පැවතීම නිසා යුකේ‍්‍රනයට හදිසි ඇනවුමක් භාර දෙනු ලැබ ඇත.



One thought on “යුක්රේන කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28න් අර්බුධ රැසක්”

  1. බැරිද අප උදයංග මල්ලිට කියල මේ ගැන මොකක් හරි කර ගන්න. නැත්නම් ආපු සංචාරකයෝ එක්ක ආපහු යවන්න බැරිද?

Leave a Reply to Cheena Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More