ආදාහනය පිළිබඳ තමා ඉදිරිපත් කළ වාර්තාව පුද්ගලික එකක් නොව විද්‍යාත්මක කරුණු මත පදනම්ව සකසන ලද එකක් බව මහාචාර්‍ය මෙත්තිකා විදානගේ පවසයි.
කමිටුව මුලින්ම රැස්වී තිබුනේ ජනවාරි මාසයේදී බවත් ඒ අවස්ථාවේදී මූළිකවම සලකා බලා තිබුනේ මෙම මෘත ශරීර සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳව බවත් පවසන ඇය මෙම වෛරසය පිළිබඳව ලෝකය තවමත් දන්නේ අල්පෙනෙත්ති තුඩක තරම් ප්‍රමාණයක් බවත් සඳහන් කර සිටී.
මෙම මෘතදේහ භූමදානය කරන්නේ නම් එය භූගත ජලයට කිසිසේත් සම්බන්ධ නොවන දුරකින් කළ යුතු බවත් උපදෙස් මාළාවේ ඇති උපදෙස් ඒ ඒ රට විසින් තම රටට ගැලපෙන පරිදි ගලපා ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දී ඇති උපදෙස් මාළාවේ පැහැදිලිව සඳහන් වන බව ඇය ප්‍රකාශ කර සිටී.
අපේ රටට ගැලපෙන උපදෙස් මාළාවක් ඉදිරිපත් කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමත්‍යාංශයට බවත් එහිදී ඔවුන් ඒ පිළිබඳ ප්‍රමාණාත්මක විද්‍යාත්මක දැණුමක් ඇති විද්වතුන්ගේ “තාක්ෂණික කමිටුවක්” පත් කළ අතර එම තාක්ෂණික කමිටුව ද විවිධ විද්වතුන්ගේ යෝජනා සැළකිල්ලට ගෙන අවසන් නිර්දේශයන් නිකුත් කළ බවත් එම නිර්දේශයන්ට අනුව කොවිඩ් මෘත ශරීර ආදාහනය කළ යුතු බවත් ජලය , පස සහ වාතය පිළිබඳ පර්යේෂණ රාශියක් ජාත්‍යන්තර මට්ටමෙන් කර ඇති ජල භූ විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරියක් වන ඇය ප්‍රකාශ කරයි.
විද්වතුන්ගේ උපදෙස් වලට සවන් දී කටයුතු කරන අවංක දේශපාලන බළ අධිකාරියක් නොමැති වීම අප රටේ නිරන්තරයෙන්ම දැකිය හැකි අවාසනවන්තම තත්වයක් බව මහාචාර්‍ය මෙත්තිකා විදානගේ මහත්මිය අවසාන වශයෙන් පවසා සිටියේය.
සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
The despicable behavior of Local politicians are horrendous to believe when handing Covid infection, supposed to be the most dangerous pandemic ever infected globally, when Professional advice is sought and given, it is compulsory to act on that. When our lawyer, Doctor or Banker gives advice, we abide by that by compliance. We saw Politicians knows nothing of virology, wooing public to go against advice of experts, not considering danger to the society, system or nature but merely interested to stay in power. General Public should desist advice of unworthy con politicians to stay safe on Professional doctor’s advice