ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට තම පක්ෂය විරුද්ධ බවයි.
දයාසිරි මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
විදේශීය ආයෝජන අවශ්‍ය නම් වරායේ දකුණු පර්යන්තයට ආයෝජනය කිරීමේ හැකියාවක් ඇතැයි පවසන ඔහු වරායේ නැගෙනහිර පර්යන්තයටම ආයෝජන ගෙන ඒමට සැරසීම සම්බන්ධව තම පක්ෂය විමතියට පත්ව ඇති බවයි.
ඒ අනුව වරායේ නැගෙනහිර පර්යන්තය විදේශීය අයෝජකයෙකුට හෝ වෙනත් රටකට ලබාදීමට විරුද්ධව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට තම පක්ෂය සූදානම් බව අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...