දේශීය පුවත්

කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කරනවාද නැතිද යන කාරණය සම්බන්ධයෙන් නැවත වතාවක් අනවශ්‍යය කතිකාවක් ගොඩ නැගී ඇති බව ධර්ම පර්යේෂණාලයේ අධ්‍යයක්ෂක හෑගොඩ විපස්සී හිමියෝ පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙවැනි වසංගතයක් සමාජය පුරා පැතිරෙන විට ඒ සම්බන්ධව විශේෂඥයන් පවසන දේත් එවැනි වසංගතයක් පැතිරීම වැලැක්වීමට අදාලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග කෙරෙහිත් විශ්වාසය තබා කටයුතු කිරීමට සිදු වෙන බවයි. එවැනි අවස්ථාවක ආගමික,දේශපාලනික ගෝත්‍රික මතවාද දෙවැනියට තබා කටයුතු කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කර සිටිති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ බෞද්ධයන් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන අයට පාංශ කූලය පවා දීම අත් හිටවා තිබෙන බවත් ක්‍රිස්තු භක්තියෝ තම ඥාතීන්ගේ දේහයන් භූමදානය නොකර ආදාහනය කිරීමට කිසිදු විරෝධාතාවයක් නොපෙන්වන බවයි. එහෙත් මුස්ලිම්වරු සිරුරු භූමදානයම ඉල්ලා සිටීම සහ එයට යම් යම් පිරිස් අනුකූලතාවයක් දැක්වීම විමතියට කරැණක් බව උන්වහන්සේ පවසති.

උන්වහන්සේ අවධාරණය කරන්නේ මුස්ලිම්වරු මෙලෙස භූමදානයම පමණක් ඉල්ලා සිටීම ආගමික කටයුත්තකට වඩා දේශපාලන හේතුවක් උඩ මෙසේ හැසිරීම සිදුකරනවාදැයි සැක ඉපදෙවන බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන උන් වහන්සේ පවසා සිටියේ, ඉස්ලාම් භක්තිකයෙකුගේ මිය ගිය දේහයක් ඉස්ලාම් ආගමානුකූලව අවසන් කටයුතු කරන්නේ නම් කාරණා හතරක් තෘප්ත කළ යුතු බවයි.

ඒවා නම්, 1)ජනාසාව හෙවත් මළ මිනියේ සියළු අපිරිසිදු දේ(නජිස් )ඉවත් කොට නෑවීම. 2)කෆන් කිරීම හෙවත් මළ මිනියට සුදු ඇඳුම් ඇන්දවීම 3)ජනාසා සලාතය හෙවත් ආගමික කටයුතු කිරීම 4) මිහිදන් කිරීම යන කාරණා හතර බව උන් වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයෙකු අදහස් දක්වමින් ලංකා ලීඩ් වෙත පවසා සිටියේ ඉස්ලාම් භක්තිකයෙකු මිය ගිය පසුව කළ යුතු කාරණා හතරෙන් කාරණා තුනක්ම අතහැර  මිහිදන් කිරීම යන කාරණයට පමණක් බර තබා විශාල ඝෝෂාවක් ඇති කිරීමට මුස්ලිම් නායකයන් පෙළඹෙන්නේ මුස්ලිම්වරු ලෙස තමන් සාමාන්‍යය සමාජයෙන් ඉවත්වූ කොටසක් බව පෙන්වීමේ දේශපාලන වුවමනාව පෙරදැරි කරගෙන බවයි. ඒ අනුව දේශපාලඥයන්ගේ ආක්‍රමණශීලී ප්‍රවේශයන් සාමාන්‍යය මුස්ලිම් ජනසමාජය අතර ජනප්‍රිය කරලීමේ පටු දේශපාලන වුවමනාව වන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More