සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අයත් විෂය පථයෙන් අතිවිශාල ප්‍රමාණයක් ඉවත් කිරීම හේතුවෙන් මේ වනවිට අමාත්‍යවරියගේ කාර්යභාරය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයකට සීමා වී ඇති බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා රෝගයටම අදාළ සියලු විෂයයන් එක්කොට එහි නව රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (30) දින පත් කිරීමත් සමග ඊට අදාළ සියලු විෂයයන් වන්නිආරච්චි මහත්මියගෙන් ඉවත් කොට ඇත.
මීට අමතරව පළමු අදියරේදී ඖෂධ ඇතුළු ඊට අදාළ සියලු ආයතන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටත්ට පත්කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙන් සැලකිය යුතු ආයතන ගණනාවක්ම පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉවත් වී තිබිණ.
ඒ අනුව මේ වනවිට වන්නිආරච්චි මහත්මියට ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ආයතන කිහිපයක් හා විෂය පථයක් බව දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
galawunata kamak naha okkama ekathu wela me lassana rata diunukaramu . meya apage final chance eka wenna puluwan .who knows what will happen in future.?