දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමක් සිදු නොවන බව සහ එම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙකුට ආරාධනා කරන බවට අමාත්‍ය රෝහිත අබයගුණවර්ධන මහතා විසින් සිදු කොට ඇති ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදි. මේ ඔවන්ගේ මතය ඔවුන්ගේම වචනයෙන් –

” නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම හෙවත් එහි කළමණාකාරීත්වය එම ආයතනයට පැවරීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍යමණ්ඩල පත්‍රිකාව අනුව ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය විසින් එම ජැටිය හැදීමට වැය කළ මුදල සහ ඉදිරි වසර 35 කට බිම් කුලිය ගෙවා පර්යන්තයට අවශ්‍ය උපකරණ සහ යන්ත්‍ර සවිකොට කළමණාකරනය කිරීමේ අයිතිය අදානි සමාගමට පැවරේ.

එය මුදල් ලබාගෙන ජැටිය බදු දීමක් හෝ මිස අන් යමක් නොවේ. එහිදී බදු දීම යන වචනයට වඩා දිකිණීම යන වචනය යොදා ගැනීම සුදුසු වන්නේ  එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් කාල සීමාවක් පනවා නැති බැවිනි. අප සතු ගොඩනැගිල්ලක ව්‍යාපාරික කටයුත්තක් කිරීමට අපට මූල්‍ය හැකියාව නැති නම් ණයක් ලබාගෙන අප එය කරනවා. ඒත් වැඩේ බැරිනම් අප ගොඩනැගිල්ල බද්දට හෝ විකිණීම කරනවා. දීර්ඝ කාලයකට බදු දීම විකිණීම හා සමානයි. මෙතන තියෙන්නෙ හැකියාව නැතිකම හෝ බැරිකම නොවේ ඒක ඕනෑකමක්. ඉන්දියාවේ බලපෑම අනුව පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ ඔනෑකමක්. ඒක දේශපාලන තීන්දුවක් මිස ආර්ථික හෝ වානිජ ව්‍යාපාරික තීන්දවක් නොවේ. අදානි සමාගම ඉන්දියාවේ ආණ්ඩුවත් මිලදී ගත් සමාගමක්. ඒ අයට ලංකාවෙ අය මිලදී ගැනීම කියන්නෙ ඉතා සුළු දෙයක්”

 



One thought on “ඇමති රෝහිතගේ ප්‍රකාශයෙන් ආණ්ඩුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීම හෝ විකිණීම ස්ථීරවම කරන බව පැහැදිලියි – ජාතික සංවිධාන කියයි”

Leave a Reply to sumith Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More