දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යංශය යනුවෙන් නව කැබිනට් ඇමති තනතුරක් ලබාදීමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා යටතට පත් කළ රාජ්‍ය ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොලීසිය එම අමාත්‍යංශයේ ප්‍රධාන ආයතනය බවට පත් කිරීමට නියමිතය. මීට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවෙ යන ආයතන එම අමාත්‍යංශයට අයත් වන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොලීසිය මීට පෙර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ විෂයපථයට ඇතුළත් කර තිබිණි.

සරත් වීරසේකර මහතා පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඔහුට කැබිනට් ඇමති ධූරයක් හිමි වූයේ නැත.



One thought on “සරත් වීරසේකට කැබිනට් තනතුරක් ! පොලීසියත් ඒ යටතට !”

Leave a Reply to Sumith Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More