රජය විසින් පනවා තිබෙන උපරිම මිලට සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් විශාල පාඩුවක් දැරීමට සිදුවන නිසා අද (6 වැනිදා) සිට සහල් නිෂ්පාදන කටයුතු නතර කරන බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසයි.
කන්නය ආරම්භයේදීම මෙම මිල ගණන් නියම කරනු ලැබුවේ නම් තමන්ට වැඩි මිලට වී මිලදී ගැනීමට සිදුනොවන බවද ඔහු කියා සිටී.
මෙලෙස සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් 700ක් පමණ දැඩි අසීරුතාවට පත්ව සිටින බවත්, සහල් නිෂ්පාදනය පමණක් නොව වී තොග රැස් කරන්නන්ගෙන් වී මිලදී ගැනීමද නතර කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි.
වැඩි මිලට ගත් වීවලින් නිෂ්පාදනය කරන සහල් තොග රජයේ උපරිම මිලට නිකුත් කිරීම නිසා තමන්ට සහල් කිලෝවකින් රුපියල් 24-25ක පාඩුවක් දැරීමට සිදුවන බවද එම සංගමය කියා සිටී.
වී තොග රැස් කරන්නන්ගෙන් සම්බා වී කිලෝවක් රුපියල් 73.40කටද, නාඩු සහ කැකුළු වී කිලෝවක් රුපියල් 62.50කටද මිලදී ගැනීමට සිදුව ඇත. මෙලෙස වැඩි මිලට ගත් වීවලින් සහල් නිෂ්පාදනය කර රජය සඳහන් කරන උපරිම මිලට අලෙවි කිරීමට නොහැකි බව මෙම මෝල් හිමියෝ කියා සිටිති.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙරේදා (4 වැනිදා) රාත්‍රී නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුදු/රතු සම්බා රුපියල් 94ක්, සුදු/රතු නාඩු 92 කටද, සුදු/රතු කැකුළු රුපියල් 89ක උපරිම මිලකටද කිලෝවක් වෙළෙඳපොළට නිකුත් කළ යුතු වේ.
මෙම තත්වය තුළ වෙළඳපොළ තුළ කෘතිම සහල් හිඟයක් ඇතිවේ. ඒ මඟින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉල්ලා සිටින පරිදි සහල් මෙ.ටො ලක්ෂ 2 ක් ආනයනය කිරීම සාධාරණීකරණය වේ. එවිට යම් කිසිවෙකුට මිලියන 300 ක 400 ක කොමිස් ගැසීමට ද ඉඩක් ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
දැන් සැපද