දේශීය පුවත්

පසුගිය කාල වකවානුව තුළ රටේ වෙච්ච වනාන්තර විනාශයන් ගැන නිතරම වගේ විවිධ සංවිධාන වගේම විවිධ දේශපාලන පක්ෂත් හඬ නැඟුවා. පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවොත් ඒ අතර හිටපු කෙනෙක්. මේ වගේම විවිධ දේශපාලන පක්ෂත් හිටියා. එදා විපක්ෂයේ හිටපු අයට අද බලය හම්බවෙලා නිසා දැන් ඒ අය නිහඬ වෙලා. එතකොට හාමුදුරුවෝ. අපි ඒ නිසාම මේ ගැන උන්වහන්සේගෙන් අහන්න හිතුවා.

හාමුදුරුවනේ අන්න වනාතවිල්ලුව කපනවාලු. ආනවිලුන්දාව කපලා දාලාලු. සිංහරාජය කපන්න සූදානම්ලු. ඔබ වහන්සේ නිහඬද?
නෑ. අපි කිසිසේත්ම නිහඬ නෑ. අපි මේ සියල්ලටම එරෙහිව හඬ නඟනවා. ඒ වගේම සටන් කරනවා. ඒත් අපිට ආණ්ඩු බලය නෑ. ජනාධිපති බලය නෑ. අපිට දේශපාලන අධිකාරියෙ ශක්තිය නෑ. අපිට තියෙන්නෙ සිවිල් සංවිධානයකට තියෙන බලය විතරයි. ඉතින් අපි ඒ මට්ටමෙන් සටන කරගෙන යනවා.
ඒත් අර ඉස්සර වගේ ටී.වී. එකේ පේන්න නෑනෙ?
ඒක අපේ ප්‍රශ්නයක් නෙමේනෙ. ලංකාවෙ මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ආණ්ඩු ගැති ඒවා. දැන් ඒවා මේ වෙලාවෙ ආණ්ඩුවට එරෙහි දේවල් පළකරන්න සූදානම් නෑ. මේ වෙලාවෙ අපේ දෙයක් දාන්නෙ මාධ්‍ය ආයතන දෙක තුනක් විතරයි. බොහෝ පෞද්ගලික නාළිකා තමන්ගෙ න්‍යායපත්‍රවලට අනුව වැඩ කරන්නෙ.
දැන් ඔබ වහන්සේලා මේ ස්ථානවලට වැඩම කළාද? ඉස්සර නම් විල්පත්තුවට ඔබ වහන්සේලා නිතරම වඩිනවනෙ?
ඒ වගේම මේ තැන්වලටත් අපි ගියා. මම පසුගිය දවස් කීපයෙ හිටියෙ සිංහරාජෙ. මේ වැඬේ ගාණට හොයලා බලන්නයි මම සිංහරාජයට ගියේ. ඒ වගේම වනාතවිල්ලුවටත් මම ගියා. පසුගිය වතාවක ඔය සම්බන්ධව කටයුත්තකට. ඒ වගේම හෝර්ටන් තැන්න මැදින් පාරක් හැදෙන්න යනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ගැන හොයලා බලන්න හෝර්ටන් තැන්නටත් යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මට ආනවිලුන්දාවට නම් යන්න බැරිවුණා.
දැන් අපිට විවිධ කතා ඇහෙනවා. පරිසර විනාශයන් වෙලා නෑ කියලත් කියනවා. ඇත්තටම ඔබ වහන්සේලා දැක්කෙ මොකක්ද?
පැහැදිලිවම බරපතළ පරිසර විනාශයක් වෙනවා. සිංහරාජය දෙබෑලි කරමින් ඒ මැද්දෙන් පාරක් යනවා. ඒක ඉතාම බරපතළ පරිසර විනාශයක්. විශේෂයෙන්ම මේක අවශ්‍ය පාරක් නෙමේ. ලංකාගම ජනතාව පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් නෙළුව වගේ නගර තියෙනකොට මේ අය මේ දෙණියායට පාරක් හදන්නෙ. වනාතවිල්ලුවටත් අපි ගියා. එහෙ තත්ත්වයත් ඕක තමයි. මේවා බරපතළ තත්ත්වයන්.
ඇයි නීතිමය පියවර නොගන්නෙ. ඉස්සර අපි ඔබ වහන්සේලාව නිතරම දකින්නෙ පොලිස් මූලස්ථානයේ?
නීතිමය පියවර ගන්නවා. ඒ සඳහා අපි සූදානම්.
එතකොට කැලේ කපලා ඉවර වෙයි?
නෑ. තවම සිංහරාජය කපන්න පටන් අරගෙන නෑ. 5/2001 කියන කැබිනට් පත්‍රිකාව නිකුත් වීමට නියමිතයි. ඒ හරහා කුඩා වනාන්තර ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක් බහුජාතික සමාගම්වලට ලබාදෙන බව කියැවෙනවා. අපි මේ සම්බන්ධව කඩිනමින් නීතිමය පියවර ගන්න අවශ්‍ය කටයුතු සකස් කරමින් යනවා.
ඔබ වහන්සේගෙ දේශපාලන පක්ෂයට ජාතික ලැයිස්තු ආසනයක් තියෙනවනෙ. ඇයි ඒ හරහා පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා මේ සටන නොකරන්නෙ?
මම මැතිවරණයට ආවේ මේ විනාශයන් වළකන්න ඕනෑ නිසා. නමුත් මම පක්ෂයේ කෙනෙක් නෙමේ. ඒ පක්ෂය ගැන, පැහැරගෙන යෑම්, සඟවා තැබීම් ඔය අසන ප්‍රශ්න මොනවාවත්ම මම දන්නෙ නෑ. මම ඒ පක්ෂයේ සාමාජිකයෙකුත් නෙමේ. පහුවැනිදාම මම ඒකෙන් ඉල්ලා අස්වුණා.

mawratanew

 



One thought on “එදා විල්පත්තුව කපද්දි පත්තු වුණු ආනන්දසාගර හිමි අද කැලෑකපද්දී සද්ද නැත්තේ ඇයි?”

Leave a Reply to dev Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More