කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හෙවත් වටිනාම පර්යන්තය ශ්‍රී ලංකාවේ වියදමින් සාදා නිමකළ පසුව එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ ටික මිලදී ගැනීමට වත්කමක් නැති බව කියමින් පසුගිය යහපාලන රජය විසින් ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් කළ සහයෝගිතා ගිවිසුම එළිදරව්වීමත් සමඟ ලංකා ලීඩ් විසින් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මත විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
” රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇමති සාගල රත්නායක විසින් අත්සන් කළ ගිවිසුම යාචක මනසින් අත්සන් කළ එකක්. ආණ්ඩුවට ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ණයටවත් ගන්න විදිහක් නැහැ කියලා වරායෙන් 49% ක් ඉන්දියාවට සහ ජපානයට උකස් තියලා ඩොලර් මිලියන 500 ක ණයක් ගන්නවා. ඊට පස්සෙ ආදායමින් ණය ගෙවලා ඉතිරිවන එකෙන් භාගයක් තියාගන්නවා. ශ්‍රී ලංකාවට ණය ගෙවන්න අවු. 40 ක් යනවා. ඒත් ණය ගෙවලා ඉවර උණාට පස්සෙත් සදාකාලිකවම එම මහා වටිනා සම්පතෙන් 49% ඉන්දියාවට සහ ජපානයට අයිති වෙනවා. ඒ සඳහා ඉන්දියාව විසින් ආයෝජනය කරන්නේ මොනවාද යන්න දන්නේ දෙවියෝ විතරයි.
ඒක ගොන් තකතීරු එකඟතාවයක්. ඒක එහෙම කරන ගමන් කටුනායක ගුවන්තොටුපළ වැඩි දියුණු කරන්න කියලා ඩොලර් මිලියන 500 ක් ණයට ගන්නවා. මේක ණය ගැනීමට නොහැකි නිසා කරන දෙයක් නෙවෙයි. ඉන්දියාවට භූ දේශපාලන වශයෙන් යටත් වීම එහෙම නැත්නම් ඇමරිකාවේ ඉන්දු පැසිෆික් උපාය මාර්ගික සැලසුමට ගොදුරු වීම නිසා කරන දෙයක්.
මේක කලොත් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ මහා ජනවරමේ ආධ්‍යාත්මය මරණයට පත් වෙනවා. ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මෙහි වැදගත්කම වර්තමානයට පමනක් නොව අනාගත මතු පරපුරටය. එමනිසා ජාති හිතෛෂී න් නිහඩව බලා නොසිටින්න.