දේශීය පුවත්

ලෝකය පුරා කොරෝනා පැතිර වූවා යැයි ​චෝදනා කරමින් චීනයට විරුද්ධව මෙරට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ඊයේ (10 වැනිදා) සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට එම ව්‍යාපාරයේ කිසිදු පුද්ගලයකු සිටියේ නැත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

උද්ඝෝෂණකරුවන් පැමිණේ යැයි සිතා බෞද්ධාලෝක මාවතේ පිහිටි මෙරට චීන තානාපති කාර්යාලය ඉදිරිපිට හා ඒ අවට මාර්ගයේ කැරළි මර්දන කණ්ඩායම් ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටිනු දක්නට ලැබිණි.

ඒ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවිය.

චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඇති දැන්වීම් පුවරු කිහිපයකම පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයේ උද්ඝෝෂණය කළ නොහැකි බවට අධිකරණ නියෝගය ප්‍රදර්ශනය කර තිබිණි.

 



One thought on “චීනෙට විරුද්ධ උද්ඝෝෂණයට ලංකාවේ කවුරුත් නැහැ”

  1. ලංකාවේ ජෝන් ෆ්ලොයිඩ්….සුනිල් ජයවර්ධනව බිලි ගත්තේ ඇයි….? මේකද නීතියේ පාලනය…

Leave a Reply to Gamini Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More