දේශීය පුවත්

පසුගියදා නිමාවූ මැතිවරණ පෙත්සම් විභාගයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි පෞද්ගලික නීතිඥයන්ට මැතිවරණ කොමිසමේ මුදල් වැයකර ගෙවීම් කළා නම් එය බරපතළ අක්‍රමිකතාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පවසයි.

අදාළ නඩුවේදී අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා වැඩිදුරටත් පවසන්නේ වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස නම් කර තිබූ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නොමිලේ පෙනී සිටිය යුතු වන නමුත්, කොමිසමේ සාමාජිකයන් අතර පැවැති මතවාදී ගැටුම් හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඔවුන්ට හිමි නොවූ බවයි.

‘‘මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතනයක්. ඒ වෙනුවෙන් නීතිපති තමයි පෙනී සිටින්නේ. නීතිපතිට ඒක නොදී පෞද්ගලික නීතිඥවරු තුන්දෙනෙක් එව්වා. හූල් මහත්තයා පෞද්ගලික නීතිඥවරයෙක් වෙනම එව්වා. අනිත් දෙන්නත් එක්කෙනෙක් එවන්නේ නැතුව දෙන්නෙක් එව්වා. මේකට නීතිපති දෙපාර්තමේන්තුව පෙනී හිටියා නම් සතයක්වත් ගන්නේ නැහැ. හැබැයි මැතිවරණ කොමිසම මේ පෞද්ගලික නීතිඥවරුන්ට කොමිසමේ මුදල් වියදම් කළා නම් තනිකරම මුදල් අවභාවිතයක්. ඒ අය පෞද්ගලික සල්ලිවලින් යැව්වා නම් ගැටලුවක් නැහැ.’’ යි ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මේ පිළිබඳව ‘අරුණ’ පුවත්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කරන ලද විමසීමකදී ඔහු සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි බැවින් වගඋත්තරකාර පාර්ශ්වයක් වූ මැතිවරණ කොමිසමේ සහය වෙනුවෙන් නීතිපති සහාය ලබාගත නොහැකි වූ බවයි. එමනිසා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික නීතිඥ සහය ලබාගැනීමට සිදුවූ බවත් ඔවුන්ට මැතිවරණ කොමිසමේ ප්‍රතිපාදනවලින් ගෙවීම් සිදුකරන බවත්ය.

කෙසේ වෙතත් මේ වනතුරුත් අදාළ ගෙවීම් සිදුකර නොමැති බවද ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



3 thoughts on “ඡන්ද පෙත්සමේ නීතිඥයන්ට ගෙව්වේ මැ.කො. නම් තත්ත්වය බරපතළයි.. – මනෝහරද සිල්වා”

  1. එතකොට ජනාධිපති ලේකම් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටියේ ඇමෙරිකාවෙ සල්ලි වලින්ද?

  2. I for one V K Choksy, who appeared as senior counsel for Mr Deshapriya and Mr. Abeysuriya, the chairman and member of the Elections Commission in 5 out of the 8 Petitions, did NOT receive any fees or reimbursement of expenses for me or my juniors Mrs. D. S. Ratnayake, Mrs. Tharushi Fernando nor the instructing attorney Mrs. Kamini Dissanayake. Neither have I called foror being agreed to be paid any fees or reimbursement of expenses for my self or anyone in my team. It would have been appreciated if the author who is well known to me had spoken to me before publishing this article so that no aspersions would have been cast on me or my team.

    V. K. CHOKSY P.C.

  3. I donot know the responsibility of this media to carry an article like this without checking with the lawyers who appeared or atleast me.
    V. K. Choksy

Leave a Reply to v k choksy Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More