දේශීය පුවත්

දිවයිනේ වෙරළ තීරයන් තුනක් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 890 ක් වැය කරමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා වැලි පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළේය.

කෙසේ වෙතත් මෙහි ගල්කිස්ස වෙරළතීරයට අයත් කොටසේ වැලි මේ වනවිට සම්පූර්ණයෙන්ම මුහුදට ගසා ගෙන ගොස් ඇත්තේ ඒ වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 120 ක පමණ මුදල ද අපතේ හරිමින්.

තෝමස් මේට්ලන්ඩ් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සහ ලැවීනියා ආදර කථාවට සාක්ෂි දරන ‘රන්වන් සැතපුම’ ලෙස නම් දරා ඇති ගල්කිස්ස වෙරළ තිරය දෙස් විදෙස් සංචාරකයන්ගේ සොඳුරු තෝතැන්නක්.

එම ස්වභාවික සුන්දර වෙරළ තීරය ඛාදනය වැළැක්වීම සඳහා බව පවසමින් රුපියල් මිලියන 120ක් පමණ වැය කරමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් වැලි පෝෂණ ව්‍යාපෘතියක් විදේශීය සමාගමට භාර දුන්නේය.

පසුගිය රජයේ කැබිනට් අනුමැතියද සහිතව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාප්තියෙන් රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6ක් ඈතින් පිහිටි වැලි නිධියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් 150,000ක් පුරවනු ලැබුවේය.

ඒ පිළිබඳව සොයා බැලීමට ඉකුත් අප්‍රේල් 23 වනදා අද දෙරණ ගල්කිස්ස වෙරළ තීරයට යන විට වෙරළ තීරය සුන්දර කළ ස්වභාවික ගල් පරයන් ද යට කරමින් ප්‍රතිනිර්මාණය කළ කෘත්‍රිම වෙරළ තීරයේ වැලි මුහුදටම ගසාගෙන යන අයුරු අද, එහි ගිය අපට දක්නට ලැබුණි.

පරිසරවේදීන්ගේ විරෝධය මධ්‍යයේ මිලියන ගණනක් මහජන මුදල් විනාශ කරමින් සිදුකළ මේ වැලි පෝෂණ ව්‍යාපෘතිය පිළිබඳව අදත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන්නේ දැඩි විරෝධයක්.

එමෙන්ම වෙරළ තීරයට වැලි පිරවීම පිළිබඳව ඒ අවට වෙසෙන ජනතාව ද විරෝධය පළ කර සිටියි.

මෙම චෝදනා සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් අද දෙරණ විමසීමක් කර සිටියේය.

ඔහු ප්‍රකාශ කර සිටින්නේ කිසිදු වෙරළ ඛාදන තත්ත්වයක් එම ඇති වී නැති බවයි.

කෙසේවෙතත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි ඔහුට අභිමතානුසාරී අයුරින් මෙවැනි ව්‍යාපෘති සඳහා තීරණ ගැනීමට නීත්‍යානූකූල හැකියාවක් පවතිනවාද?

මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ගල්කිස්ස වෙරළ තීරයට සිදුව ඇති හානිය ව‍‍්‍යාජ ප්‍රකාශ සිදු කිරීම තුළින් වසන් කළ නොහැකි බවයි.



2 thoughts on “මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය”

  1. අවම තරමින් මූලික විද්‍යා උපාධියක් වත් සහිත නිලධාරියකු විසින් දැරිය යුතු තාක්ෂණික තනතුරකට රාජ්‍ය සේවයේ බලතල භාවිතා කරමින් කලා උපාධිදාරීයෙකු පත් වීමේ ප්‍රතිඵල තමයි මේ…

Leave a Reply to විමුක්ති Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More