දේශීය පුවත්

තමන්ට පැවරී තිබෙන බලතල මේ රටට විරුද්ධ බලවේගවල අවශ්‍යතාවන් අනුව ක‍්‍රියාත්මක කරන්නේ නම් අද රටේ පවතින ප‍්‍රශ්නවලට මැතිවරණ කොමිසම ප‍්‍රධාන වගඋත්තරකරු විදිහට පත්වන්න ඉඩ තිබෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (22 වැනිදා)සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

‘කොවිඞ් 19’ ආසාදිතයන් කිසිවකුත් දවස් 22 ක් යනතුරුත් බාහිර සමාජයෙන් තහවුරු වෙලා නැහැ. කරන ලද පීසීආර් පරීක්‍ෂණවලින් පැහැදිලිව මේ පිළිබඳව අනාවරණය වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ සහ ඒ වෙනුවෙන් කටයුතු කරන ආයතන සියල්ලක්ම පාහේ වර්තමානයේ ආසාදිතයන් හඳුනාගත් ආකාරය පිළිබඳව අනාවරණය කර තිබෙනවා. දවස් 22කින් ‘කොවිඞ් ආසාදිතයන්’ සොයා ගෙන නැත්නම්, මැතිවරණ කොමිසම තවත් මාස තුනකට ආසන්න කාලයක් මැතිවරණය පවත්වන්නේ නැත්නම්, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජන බලවේගය ප‍්‍රමුඛ විපක්‍ෂය මැතිවරන එපා කියලා දිගින් දිගටම මත ප‍්‍රකාශ කරනවා නම්, ඒ වෙනුවෙන් ඔවුන් අධිකරණය වෙත යොමු වෙලා තිබෙනවා නම්, මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසම අදහස් ප‍්‍රකාශ කරන්නේ විපක්‍ෂයේ මතය කියන කාරණාව කියලා පැහැදිලිව පේන්න තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එතුමාගේ යුතුකම ඉටු කරලා තිබෙනවා. දැන් මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ යුතුකම ඉටු කරන්න කාලය එළැඹ තිබෙනවා. දැන් ඔවුන්ට ඕනෑවටත් වඩා කාලය තිබුණා මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ කටයුතු කරන්න. ඒ නිසා මැතිවරණ කොමිසමෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පැවරී තිබෙන බලතල මේ රටට විරුද්ධ බලවේගවල අවශ්‍යතාවන් මත ක‍්‍රියාත්මක කරන්න හදන්න එපා කියලා. ඒ වගේම ඒ බලවේගවලට යටත් වෙන්න සූදානම් වෙන්නත් එපා කියලා. මොකද, අද රටේ පවතින ප‍්‍රශ්නවලට මැතිවරණ කොමිසම ප‍්‍රධාන වගඋත්තරකරුවන් විදිහට පත්වෙන්න ඉඩ තිබෙනවා. මැතිවරණ කොමිසම මෙවැනි දරදඬු හිතුවක්කාර ආකාරයට කටයුතු කරනවා නම් මේ රටේ නිර්මාණය වන සෑම ප‍්‍රශ්නයකට විසඳුම් ලබා දීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටිය යුතුයි.

මැතිවරණයක් පැවැත්වීමට තිබෙන නොහැකියාව නෙමෙයි මැතිවරණ කොමිසමට දැන් තිබෙන්නේ. මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නැහැ කියලා මැතිවරණ කොමිසම විශ්වාස කරනවා. මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වුවහොත් මැතිවරණ කොමිසම රට වෙනුවෙන් තම වගකීම ඉටු කළේ නැහැ කියන විශ්වාසය රටේ සෑම දෙනාටම තිබෙනවා. මහින්ද දේශප‍්‍රිය මහාචාර්ය හූල්ව ඉදිරියට දාලා කරන්නේ රටට විනාශයක්. මහාචාර්ය හූල්ව මෙහෙයවන සුමන්තිරන්ලාගේ, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජනයක් වෙන්න එපා කියලා මහින්ද දේශප‍්‍රිය ඇතුළු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා. එහෙම කළොත් මැතිවරණ කොමිසම කරන්නේ රටට බරපතළ හානියක් කියලා කනගාටුවෙන් හෝ මතක් කරන්න සිදුවෙනවා.



2 thoughts on “හූල් ඉස්සරහට දාගෙන කරන්නේ විනාශයක්.. රටේ ප‍්‍රශ්නවලට ප‍්‍රධාන වගඋත්තරකරු මැතිවරණ කොමිසමයි”

  1. ශ්‍රී ලංකාවට ආදරය කරන එකම මිනිහෙක් වත් සමස්ත විපක්ෂයේ ම නැහැ, මැතිවරණ කොමිසමේ සභාපති නටවන්නේ හූල් සහ විරුද්ධ පක්ෂය යි,තමන් ගේ හෘද සාක්ෂියට එකග නම් මේ වෙලාවේ මැ. කො.කඩිනම් මැතිවරණයකට එකග විය යුතුයි, ඔහු ලොකු ජරාවක් කාලාදැයි විටෙක හිතෙනවා.

    1. ශ්‍රී ලංකාවට ආදරය කරන එකම මිනිහෙක් වත් සමස්ත විපක්ෂයේ ම නැහැ මැතිවරණ කොමිසමේ සභාපති නටවන්නේ හූල් සහ විරුද්ධ පක්ෂය යි තමන් ගේ හෘද සාක්ෂියට එකග නම් මේ වෙලාවේ මැ.කො.කඩිනම් මැතිවරණයකට එකග විය යුතුයි ඔහු ලොකු ජරාවක් කාලාදැයි විටෙක හිතෙනවා

Leave a Reply to SisiraKumaraJayawickrama Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More