<
එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන අයුරින් ශ්‍රී ලංකාව පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කෙරෙන තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් රාජධානියේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවියට දැඩි විරෝධය පළකර ඇත. එම විරෝධය හමුවේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය අදාළ වාර්තාව ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
පසුගිය මැයි 15 වැනිදා සංස්කරණය ඔස්සේ වෙබ් අඩවිය මෙම තොරතුරු පළකර තිබිණි. යම් පරිශීලකයකු විසින් අදාළ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලෙස ‘ශ්‍රී ලංකාව’ තෝරාගෙන එහි වැඩිදුර තොරතුරු ලෙස ‘දිවයිනේ මෑත කාලීනව පැවැති කැරැල්ලට’ සම්බන්ධ වූ එල්.ටී.ටී.ඊ.ය දෙමළ ඊළාම වෙනුවෙන් පෙනී සිටි විමුක්ති සංවිධානය වන්නේය’ යන්න දක්වා ඇත.
මෙම තොරුතුරු වාර්තා කිරීමත් සමගම ඒ පිළිබඳව දැනුවත් වූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වහාම ‘ද ගාර්ඩින්’ වෙබ් අඩවියට සිය විරෝධය පළකර ඇත. එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන වෙබ් අඩවියේ කර්තෘ කැතරින් විතර් අමතා වහාම අදාළ තොරතුරු ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විරෝධය පදනම් කරගනිමින් ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය පසුව සිය ප්‍රශ්නාවලියෙන් අදාළ ප්‍රශ්නය සහ පිළිතුරු ඉවත් කරගෙන ඇති අතර ඒ වෙනුවට වෙනත් ප්‍රශ්නයක් ආදේශ කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Guardian is the Indian Empires news mob in UK.