දේශීය පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් මැයි මස 18,19 දිනවල දී සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීරණය කළේය. එතෙක් මැතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව මැතිවරණ කොමිසම සතුව ඇතැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේය. සියලු පාර්ශවයන්ගේ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දී මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීරණ ගත යුතු බව ද විනිසුරු මඩුල්ල මෙහි දී සදහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් 7 ක් කැඳ වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරිණ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ එස්. තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

මෙම පෙත්සම් විභාගයේදී මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපති වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

කෙසේ වුව ද වැදගත් කරුණක් මත ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස පෙත්සම්කාර චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ එම්. ඒ.සුමන්තිරන් මහතා මෙහි දී ඉල්ලා සිටියේය. එසේම මැතිවරණයට අදාළව මනාප අංක නිකුත් කිරීමට සූදානමක් ඇති අතර එසේ වුවහොත් විශාල කලබලකාරී තත්ත්වයක් ඇති විය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

එබැවින් මෙම මැතිවරණය පැවැත්වීම අත්හිටුවා අතුරු නියෝගයක් මුල් අවස්ථාවේ දී ම නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ද මැතිවරණ කොමිසමේ සාකච්ඡා පැවැත්වෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිට අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය සදහන් කළාය. රටේ මේ වන විට පවතින තත්ත්වය අනුව අධිකරණ ශාලාවේ වැඩි වේලා රැඳී සිටි ම සුදුසු නැති බව සදහන් කළ අගවිනිසුරු වරයා සියලු පාර්ශවයන්ගේ කරුණු විමසීම සඳහා පෙත්සම් මැයි මස 18,19 දිනවලදී කැඳවීමට තීරණය කළේය.

මෙම පෙත්සමවලට අතර මැදි පෙත්සම් එදින ට පෙර ගොනු කරන ලෙස ද නියම කෙරිණ.

මෙම පෙත්සම් වල වග උත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් නීතීඥ අස්ථික දේවේන්ද්‍ර මහතා පෙනී සිටියේ ය.

රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් ඇතුළු පිරිසක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ගුණදාස අමරසේකර, පේමනාත් සී.දොලවත්ත ඇතුළු පිරිසක් විසින් මෙම අතරමැදි පාර්ශව පෙත්සම් ගොනු කර තිබුණි.



One thought on “මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාව මැතිවරණ කොමිසම සතුයි”

  1. වේලි වේලි සිටි කලු සුද්දො ටික දෙනෙක්ගෙ කල්ල මරේ. යන්තම් ගාණක් හොයා ගන්න පොටක් පෑදුනා..

Leave a Reply to Osera Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More