දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාෂභංග යෝජනාව ලබන බදාදා බොහෝදුරට කථානායක කරු ජයසුරිය මහතා වෙත බාරදෙන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනාගෙන් 38 දෙනෙකු මේ වන විට විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින්ගෙන් කොටසක් මේ වන විට විශ්වාසභංග යෝනාවට අත්සන් කරමින් සිටින බවත් එම අත්සන් ලේඛන අඟහරුවාදා ලැබුණු පසුව ඒ සියලුම අත්සන් එකතුව සමගින් විශ්වාසභංග යෝජනාව භාරදෙන බවද රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව බාරදීමට අවශ්‍ය වන්නේ අත්සන් 20 ක් පමණක් බවත් ඊට වඩා වැඩිපුර අත්සන් ලබාගනිමින් සිටින්නේ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන්කිරීමට ආණ්ඩුව නියෝජනයකරන දේශපාලන පක්ෂවල තිබෙන උනන්දුව නිසා බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදෙන සියලුම දෙනා ඊට අත්සන් නොකරන බවත් ඉන් කොටසක් පමණක් අත්සන් කර මෙම විශ්වාසබංග යෝජනාව බාරදෙන අතර ඉතිරි ජනතා නියෝජිතයින් විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම සිදුකරන විට විශ්වාසභංග යොජනාව ජයග්‍රහණය කරවීම සඳහා ඡන්දය ලබාදෙන බවට සහතික වී ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More