හතේ අපේ පොත පිළිබඳව අද දින පැවැත්වූ ආංශික කාරක සභාවේදී අවසන් තින්දුවක් ගනිමින් එහි සභාපති ආශු මාරසිංහ මහතා විසින් හතේ අපේ පොත බෙදා හැරීම නැවැත්වීමට සහ ඉදිරියේදී පොත සකස් කිරීමට පෙර ඊට අදාළව ප්‍රතිපත්තියක් සහ ප්‍රමිතීන් සකස් කිරීමටද තීරණය කළ බව වාර්තාවේ.
එම කාරක සභාවේදී මහාචාර්ය පූජ්‍ය මැඳගොඩ අභයතිස්ස හිමි සහ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිවරු එම පොතට විරුද්ධව ප්‍රභල ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කළ බවද වාර්තාවේ.
පාර්ලිමේනතුවේදී අද පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමේදී සංස්කෘතිය තුළ අතිශය සංවේදී වන මෙම ප්‍රජනක සෞඛ්‍ය පිළිබද ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබද පුලුල් අධ්‍යයනයක් සිදු කොට ඊට ගැළපෙන ආකෘතියක් ද මෙම ද්විත්ව කමිටුව එක්ව සකස් කරන ලෙසද අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව මෙහිදී නිර්දේශ කර ඇත.
මෙම ග්‍රන්ථ බෙදා හැරීම නැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තද මේවන විට මුද්‍රණය කරන ලද මෙම ග්‍රන්ථ 3,50,000 ක ප්‍රමාණයෙන් නැවත ලැබී ඇත්තේ ග්‍රන්ථ 25000ක ප්‍රමාණයක් පමණක් බවත් මේඅනුව ඉතිරි ග්‍රන්ථ බෙදා හැර ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.
හතේ අපේ පොත පිළිබද මුල්වරට විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද මෙම අවස්ථාවට සහභාගි වු අතර උන්වහන්සේ පවසා සිටියේ ලිංගික අධ්‍යාපනය පිළිබද ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම අතිශය වැදගත් වුවද සංස්කෘතිය තුළ සංවේදී වන මෙවැනි කාරණා සිසුන් තුළ ලිංගිකත්වය පිළිබද උත්තේජනයක් ඇති නොවන ලෙස මීට වඩා සංයමයකින් යුතුව ඉදිරිපත් කළ යුතු බවය.
මෙම අවස්ථාවට සහභාගී වු පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ මෙම දැනුම ලබා දීම වැදගත් වුවද මෙවැනි කෘතියක් සම්පාදනය කිරීමේදි සිසු සිසුවියන්ට ග්‍රහණය කළ හැකි නිසි වයස් මට්ටම ද එම කරුණු ඉදිරිපත් කරන විලාශය පිළිබද මීට වඩා අවධානය යොමු කළ යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Most of the doctors should artists the ideas. I’ve attached to the Adolescents Representative health Project funded by UNFPA. We have to face the truth about that and prevent icidents due to ignorance.