දේශීය පුවත්

මෙරට ඉහළම පෙළේ ඉහළම පෙළේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ප්‍රභූ පැලැන්තිය ඉලක්ක කරගෙන සිය අන්‍යාගමිකරණ ව්‍යාපෘතිය දියත් කළ බෝර්න් ආගමික නිකායේ පිරිස් දැන් මෙරට සාමාන්‍ය වැසියන් අරබයා ද සිය අන්‍යාගමීකරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තාවේ.

මෙරට පක්ෂ විපක්ෂ  සෑම දේශපාලන පක්ෂයකම ඉහළ පෙළේ නායකයන්, ව්‍යාපාරිකයන් හා ධනවතුන්ගේ ක්‍රිඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවම සම්පූර්ණයෙන්ම බිළිගත් මෙම බෝර්න් අගේන් කල්ලිය මෙරට ප්‍රභූ පැළැන්තියම බිලිගෙන අවසන්ය.

එලෙස සිය ආගමීක ප්‍රභූ පුද්ගලයන්ගේ ආධාර ඔස්සේ හා විදෙස් රටවලින් එක් වන මුදල් හා වරප්‍රසාද සාමාන්‍ය ජනතාවට ලබා දෙමින් මෙම පිරිස් දැන් දුගී නිර්ධන පන්තිය ඉලක්ක කර අන්‍යාගමීකරණ ව්‍යාපෘතිය දියත් කරමින් සිටිනවා.

එම බෝර්න් අගේන් නිකායේ පිරිසක් මඩකලපුවේ දුගී බෞද්ධ ගම්මාන ඉලක්ක කරගෙන සිදු කරනා අන්‍යාගමීකරණ වැඩසටහනක් පිළිබඳ රටට හෙළිදරවු කිරීමට පූජ්‍ය අම්පිටියේ සුමනරතන නායක හිමියන් සමත් විය.

අම්පිටියේ නා හිමි සැලකෙන්නේ දැඩි අන්‍යාගමීකරණ බලපෑම් මැද නැගෙනහිර බොදු උරුමය රැකගෙන ජීවත් වන හිමිනමක් ලෙසිනි.

එම අවස්තාවේ වීඩියෝ පහතින්…

තෝ මගෙන් බණ අහන්ඩ ආවද..?මඩකලපුවේ හාමුදුරුවෝ පල්ලි හැදීමට විරුද්ධව හඬ නගයි.https://youtu.be/Z7-VqD3Ei6Q

Gepostet von Pradeep Kumara am Freitag, 27. Dezember 2019

 



One thought on “ප්‍රභූ පන්තිය බිළි ගත් ‘බෝර්න් අගේන්’ කල්ලිය ගම් වලටත් පනියි – මූලධර්මවාදියාට අම්පිටියේ නා හිමිගෙන් කනේ පහරක් (Video)”

  1. නියමයි අම්පිටියේ සුමනරතන හාමුදුරුවනේ. ඔන්න ඔහොම තමයි දෙන්න ඕනේ බෞද්ධයන්ට මුදල් සහ ද්‍රව්‍ය දීල අන්‍ය ආගමට හරවා ගන්න යන අමනයන්ට. එන්න දෙන්න එපා කිසිම ගමකට. ඔය විදිහටම ගහලා පන්න ගන්න ඕනේ.

Leave a Reply to Champa Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More