දේශීය පුවත්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සරල අනතුරක් බවත් තමන් එම අනතුරට වරදකරු නොවන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කරන විට ආවේගශීලී වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රතිචාර දැක්වීම බොහෝ දෙනකුගේ අවධානයට යොමු විය.

මේ අතර ගොඩගම ප්‍රදේශයේ නිවසට වී ඉතා අමාරුවෙන් ජීවිතය ගතකරන රිය අනතුරට භාජනය වූ සන්දීප් අද මුල් වරට මාධ්‍ය හමුවට පැමිණ අදහස් දැක්වීය.

සන්දීප් ගේ දෙමව්පියන් හැඬූ කඳුළින් ප්‍රකාශ කළේ තම පවුල අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි. මෙම අනතුර සහ තම පුතාට සිදු වූ අසාධාරණය ගැන සාධාරණයක් ඉටුකර දෙන ලෙස එම මව්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.



One thought on “චම්පික ආවේගශීලී වෙයි.. මාධ්‍යහමුව උණුසුම් …සන්දීප් ගැන ප්‍රශ්න කළ මාධ්‍යවේදියා නඬුවේ සාක්ෂිකාරයෙක් කරයි (Video)”

  1. චම්පිකගේ දේශපාලනය වෙන එකකී.මේ සිද්ධිය තව එකකී. චම්පික කියන කතා,සංදීප් කියන කතා ඌගේ යාලෞවෝ දෙමාව්පියෝ කියන කතා වැඩක් නැත. සිද්ධියේ චායා රූප බැලු බැල්මටම මෝලේ ඇබිත්තක් තියෙන එකෙකුට තෙරුම් ගත හැකි දෙයක් තිබේ. එනම් වාහනේ වම්පස පසුපස රෝදයෙ ආසන්නයෙ බයිසිකලය හැපි ඇති බවයි. මෙහිදී සිදුවිය හැකි කාරණා 2කි.
    01.පසුපසට ධාවනය වූ රිය විසින් බයිසිකලය හැප්පීමයි.(?)
    02. වේගයෙන් පැමිණි බයිසිකලය පාලනය කරගත නොහැකිව ඉදිරියට ගමන් කරමින් තිබු රිය පසුපස ගැටීමයි.
    මෙහීදී 01.යන ගොන් උපකල්පනයක් වන අතර සිදුවී ඇත්තේ 2 වැන්නයි..
    මේහීදී සංදීප් හා මිතුරන් එන්ජින් ධාරීතාව ඉතා ඉහළ (ලංකාවේ තහනම් ) යතුරු පැදි පැදීමේ අවධානම් ක්‍රිඩාව විනෝදාංශය කරගත් කණ්ඩායමක්. ඒනම් සරලව සිදුවි තිබේන්නේ සංදීප්ගේ සෙල්ලම ලෙල්ලම වීමය. ආතල් ගැනිමට ගොස් ඇනගැනීමය.
    දේශපාලන වහල් ගොබ්බයන් නොවන විවෘත මනසක් ඇති අයටත්, ජඩ තක්කඩි මාධ්‍යකරණයෙන් ඒහාට හිතන්න පුලුවන් අයටත් පමණක් මට කියන්නට දෙයක් ඇත.
    01.ඔබ ඉදිරියට පදවන රීයේහී පිටුපසින් බයිසිකලයක් හෝ වෙනත් වේගයෙන් පැමිණෙන වාහනයක් ගැටුනොත් එහී වගකීම ඔබ දරනවාද? (මම නම් නැත.එය මට වැලැක්වීමේ කිසිදු හැකියාවක් නොමැති බැවිනි.මට වෙන පාඩුවද උගෙන් ඉල්ලමී.)
    02.සංදීප් වැනි අවධානම් ක්‍රීඩා කරන අනෙක් තරුණයින් තමන් විනෝදය වෙනුවෙන් දරණ ක්‍රීඩාවේ අවධානම කොතෙක් දැයි ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවෙතැයි යන්න අවබෝධ කරගත යුතුය.(කියන දෙයක් අහන්නැතුව ආතල්ම නම් හොයන්නෙහ්..තාප්පෙකවත් වැදියල්ලා කොහෙවත් ඉන්න උන් අමාරුවේ දාන් නැතුව.
    03.එහෙම හැප්පෙන්න ඕනනම් මන්ත්‍රීකෙනෙක්ගේ හරි ඇමතියෙක්ගේ හරිවාහනේක පිටිපස්සේ හැප්පියන් මෙහෙම පෝස්ට් එකක්වත් දාන්නේ මාධ්‍ය කාතකරන්නේ ඒ දේශපාලකය ගේමක් දෙන්න ඕන නිසා .. නැත්නම් උඹට බනින්නේ #කාලකණ්නියා කියලා.
    04.එහෙම උනාමත් පිටිපස්සේ ගිහින් හප්පලා වැරැද්දත් කරලා කෙලවගෙන ඉද්දී ගොබ්බ පොලිටිකල් ගේමක ඉත්තෙක් වෙලා අරුගෙන් ලොකු පඩ ගේම් ඉල්ලන්නැතුව.. මනුස්සකමෙන් තමන්ගෙන් වෙච්ච වැරැද්ද අවබෝධ කරගෙන උදව්වක් ඉල්ලගනින්.
    05.පිටිපස්සේන් ගිහින් වාහනෙත් හප්පලා බොරු වීරයෙක් වෙන්නැතුව ඒ අවධානම් සෙල්ලම් කරන ඊලාග පරම්පාරාවේ උන්ට පාඩමක් කියලා දීපං..
    ඒක එච්චරයි .. චපිකගේ දේශපාලනයට මං එකග නෑ. ඒ වගේම ගොබ්බ දේශපාලන ගේම් වලට තක්කඩි මාධ්‍ය ගේම් වලට මං එකගත් නෑ..
    සංදීප් පව්.. සංදීප්ගේ අම්මා තාත්තා පව්.. ඒක් වෙන කතාවක්. අනතුරක් ඕන තැනක වෙන්න පුලුවන් . අනතුරු 98% හිතලා කරන්නේ නෑ.ඒවා අහම්භ වැදගත් වෙන්නේ මනුස්සකමෙන් බේර ගන්න ඒක.. නැත්නම් මේ පෝස්ට් දාන ඒවා ශේයා කරන උන් වගේ පොලිටිකල් ගෝබ්බයෝ ඒ සිද්ධී උන්ගේ වෙන මගුල් වලට යුස් කරනවා. සංදීප් ඔයා යූස් වෙන්න එපා..

Leave a Reply to ec168 Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More