ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරිනී යස්මින් සුකා පිටු 100ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් සර්වලෝක නීතිය යටතේ ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඇත.
කමල් ගුණරත්න මහතාගේ 53 වැනි සේනාංකය පුදුකුඩිඉරිප්පු මුල්ලිවයික්කාල් සහ පුදුමාතලන් අල්ලා ගැනීමට ක්‍රියා කළ බවත් ඉන් දහස් ගණනක ජනතාවට හානි සිදු වූ බවත් ඇය දන්වා තිබේ.
මේ හැර යුද හමුදාව විසින් බේරා ගත් තුන් ලක්ෂයක ජනතාව මැණික් ෆාම් කඳවුරේ රඳවා ගැනීම ගැනද යස්මින් සුකා චෝදනා කර ඇත.
කමල් ගුණරත්න විදේශ රටකට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටවල් 47ක් ලවා ක්‍රියාත්මක කරන ලෙසද ඇය ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ මුල්ම පැමිණිල්ල මෙයයි.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
and also arrest obama,hilari clinton,
ජාත්‍යන්නරයේ, LTTE සංවිධානයේ ඔය බලපෑම්වලට අපි ඉඩදිය යුතු නොවේ….. අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒවාට නොබියව මුහුණ දිය යුතුයි….