රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කර වියදම් අවම කරන්නැයි දන්වා තිබියදී ඇතැම් ආයතන පිත්තලින් නිමකළ රාජ්‍ය ලාංඡන රුපියල් විසිදෙදහසේ සිට හතළිස්හතර දහස දක්වා මිලකට ලබා ගැනීමට කටයුතු කර ඇතැයි හෙළි වෙයි.
රාජ්‍ය ආයතනවලින් ඇති අධික ඉල්ලුම නිසා ලක්සල ආයතනයේ සියලුම ශාඛාවල තිබූ පිත්තල රාජ්‍ය ලාංඡන මෙම සතිය වන විට අවසන් වී ඇති බවත් යළි ඇණවුම් කර බලා සිටින බවත් ලක්සල අලෙවි ආයතනවලින් අනාවරණය විය.
රාජ්‍ය ලාංඡනයේ ඡායාරූපයක් රාමු කිරීමට හැකියාව තිබියදී රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීන් පිත්තල රාජ්‍ය ලාංඡන සඳහා මිල ගණන් කැඳවා මිලදී ගෙන ඇතැයි හෙළිවිය.වැඩිපුරම අලෙවි වී ඇත්තේ රුපියල් තිස්හත් දහසක් පමණ වන අඩි දෙකක් දිගැති රාජ්‍ය ලාංඡන බව ලක්සලෙන් අනාවරණය විය.
මෙම රාජ්‍ය ලාංඡන අතින් කැටයම් කරන පිළිමතලාවේ කැටයම් ශිල්පීන් දෙදෙනාගෙන් එක් අයකුට අඩි එකහමාරක් උසැති රාජ්‍ය ලාංඡන සියයක ඇණවුමක් ඊයේ (26 වැනිදා) වන විට ලැබී ඇතැයි හෙළිවිය.
රුපියල් හයදහසට පිළිමතලාවෙන් දෙන අඩි එකහමාරේ රාජ්‍ය ලාංඡනයක් කොළඹදී රුපියල් දාහත්දහස් පන්සියයකටත්, රුපියල් විසිපන්දහසට දෙන අඩි දෙකේ රාජ්‍ය ලාංඡනයක් රුපියල් තිස්පන්දහසේ සිට ඉහළ ගණන්වලට විකිණෙන බවත් හෙළිවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මෙතන පොඩ්ඩක් වැරදියි. රාජ්‍ය ලාංචනය කියන එක පින්තූරයක් වගේ රාමු කරලා ගහන්න බැහැ. රාජ්‍ය ලාංචනය කියන්නේ සංකේතයක්. කරන්න දෙයක් නැහැ. කරන වැඩේ හරියට කරන්න ඕනේ. දේශපාලකයන්ගේ පින්තූරු වගේ අවුරුදු එකෙන් දෙකෙන් පහෙන් වෙනස් නොවෙන නිසා මේ කරන වියදම දීර්ඝ කාලීනයි.