දේශීය පුවත්

ජාතික බලවේග විසින් රට වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග ලෙස යොමු කරන ප්‍රශ්න කිහිපයක් තිබෙන බවත් ඒ එකම ප්‍රශ්නයක් හෝ ජනාධිපතිවරයාට අත් හැර යාමට නොහැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව සජීවී වැඩසටහනට එක්වෙමින දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව අවධාරණය කර සිටියේය.

බෙදුම්වාදී තර්ජන,ඉස්ලාම් අන්තවාදයේ නැඟී සිටීම,ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ලවී තිබෙන චෝදනා වලින් නිදහස් වීම ඇතුළු ප්‍රශ්න වලට ජනාධිපතිවරයාට තම ධූරකාලය තුළ විසදුම් ලබා දීමට සිදු වන බව ඔහු පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මෙම ප්‍රශ්න වලට විසදුම් සෙවීමමේදී ජාතික බලවේග වල පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවත් මේ වන විට ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයට අදාලව මූලික විරෝධතාවය දක්වමින් ඊට අවශ්‍ය ලිඛිත සාක්ෂි ලේඛන ගත කර ඇති බවය‍.

මගහැර යා නො හැකි ජනතා අපේක්ෂා 03 අලුත් පාර්ලිමේන්තුව 2011.11.18

මගහැර යා නො හැකි ජනතා අපේක්ෂා 03අලුත් පාර්ලිමේන්තුව 2011.11.18මේ රටේ ජාතික බලවේග ගෝඨාභය ජනපතිගෙන් අත්හැර යා නොහැකි යෝජනා 06ක් බලාපොරොත්තු වෙනවා.

Gepostet von Wasantha Bandara am Freitag, 22. November 2019



One thought on “ජාතික බලවේග විසින් ගෝඨාභය ජනපතිවරයාට අත්හැර යා නොහැකි යෝජනා හයක්..”

Leave a Reply to sam Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More