මුහුණු පොතෙන්

ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කර ඇති උපවාසයට අදට දින හතරක් ගතවේ.

ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින තුනක් තුළ තහවුරු කළ යුතු බව පවසමින් උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළේය.

අසාධ්‍ය තත්වයේ පසුවන ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් තව දුරටත් උපවාසය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් සිටින බව වාර්තා වේ.

නමුත් ඒ සඳහා දැඩි විරෝධතාවයක් එම උපවාසය මෙහෙයවන්නන් විසින් සිදු කරමින් ඇති බව එම හිමියන්ට සමීප හිමිවරුන් විසින් සඳහන් කළහ.

කෙසේ වෙතත් මේ උපවාසය සම්බන්ධයෙන් ගෝටාභට රාජපක්ෂ මහතා හා ඔහුගේ පාර්ශ්වයේ කිසිවෙකුගෙන් උන්වහන්සේට ප්‍රතිචාරයක් මේ වන තෙක් දක්වා නැති අතර ඉදිරියේදී ද කිසිදු තැකීමක් නොකරනු ඇති බවද වාර්තා වෙයි.

මේ තත්ත්වය මත උන්වහන්සේ අපවත් වන තෙක්ම එම ස්ථානයේ රඳවා තැබීමට බලවත් උත්සාහයක් ගැනීමට උපවාසයෙන් මෙහෙයවන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් විසින් කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ මෙම උපවාසයේ යෙදෙන හිමියන් පැවිදි දිවියට ඇතුළු වී ඇත්තේ දැනට මාස හයකට පෙර බවත් උන්වහන්සේ අඩුම තරමේ උපසම්පදා භික්ෂුවක්වත් නොවන සාමනේර හිමිනමක් බවත්ය.



One thought on “උපවාසයේ නිරත සුමංගල හිමියන්ට අසාධ්‍යයි.. නිදහස් චතුරස‍්‍රයේම අපවත් කරවන්න සැළසුමක්.. උපවාසය අතහරින්න සුමංගල හිමි දැඩි උත්සාහයක…”

Leave a Reply to Miran Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More