දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා ඇමරිකාවේ CIA (මධ්‍යම ඔත්තු සේවාව) සංවිධානයේ අනුග්‍රහය ලබන හා මෙහෙයවීම මත අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම පුවතට අනුව, ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා එම අපේක්ෂකයා බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

ජාතික ජනතා ව්‍යාපාරය අයත් වන්නේ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතාටය. ශ්‍රීනාත් පෙරේරා මහතා එජාප ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ද වේ.

ඔහුට අයත් ජාතික ජනතා ව්‍යාපාරයට ඉදිරිපත් වන මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ දේශෝධය ව්‍යාපාරයයි. දේශෝධය ව්‍යාපාරය සර්වෝදය ව්‍යාපාරයට අනුබද්ධ ව්‍යාපාරයකි. රාජ්‍ය නොවන සංවිධානයක් වන දේශෝධය ව්‍යාපාරයට ඇමරිකාව සහ වෙනත් රට වලින් වසරකට රුපියල් මිලියන 100කට වඩා ආධාර ලැබෙයි.

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු වලදී ඇමරිකාවේ CIA සංවිධානය සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කරන බව ප්‍රකට කරුණකි.



One thought on “ගෝඨා පරද්දන්න ඇමරිකානු CIA සංවිධානයෙනුත් අපේක්ෂකයෙක්”

  1. මහේෂ් සේනානායක නේද අර අසාද් සාලි අත් අඩංගුවේ ඉන්න අන්තවාදියෙක් ගැන බලපෑමක් කලා කියල ඉස්සෙල්ලා කියලා පස්සේ එහෙම නැහැයි කිවුවෙ ?
    යුනිෆෝර්ම් එකක් ඇදන් ඉන්දැද්දීත් සුහද ගම්ලත්ට තරම්වත් කොන්ද පණ තිබුනේ නැති කෙනෙක්.

Leave a Reply to tikiri Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More