දේශීය පුවත්

තමා ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනාධිපති මන්දිර තාක්ෂණික විශ්වවිද්‍යාල බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (02දා) පැවසීය.

ජනතා සේවයේ නියැළෙන ජනාධිපතිවරයෙකුට මන්දිර අවශ්‍ය නොවන බවත්, එවැනි ස්ථාන පවත්වාගෙන යෑමෙන් රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහජන මුදල් අපතේ යන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

තමා ජනාධිපතිවරයා වශයෙන් වැටුප්, දීමනා හා නිල නිවාස ලබා නොගන්නා බවත්, ජනාධිපතිවරයාට මාසිකව වෙන්වන වැටුප රටේ දුප්පත්කම තුරන් කිරීමට යොදවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් කටයුතු කරන තමන් වැටුප්, දීමනා හෝ නිල නිවාස ලබා නොගන්නා බවද හෙතෙම කීය.

රාජ්‍ය දේපළ සුරක්ෂා කරන ස්ථාවරයේ සිට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රාග්ධන ශක්තිය ඇති ආයතන සමග ඒකාබද්ධව සංවර්ධන කිරීම සඳහා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු ඇතුළත් කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.



One thought on “වැටුප් ගන්නේ නෑ – ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත්කරනවා – සජිත්”

  1. වැටුප්, දීමනා හා නිල නිවාස…මෙයින් එකක් වත් මෙයා “දැනට ලබා නොගන්න” ඒවා තියෙනවද?

    එවෙලේ කටට එන ඕනෑම මැටි කතාවක් කියන මේවගේ “ජනාධිපති” අපේක්ෂකයන්ගේ කතා අහන් ඉන්න තරම් අපි අවාසනාවන්තද?
    නිදන් හාරලා තමන්ගේ “වාසනාව උරගා බලන්න” try කලා කියවෙන මිනිස්සු බලයට එන්න මොනවා නොකියයිද? නොකරයිද?

    බුද්ධ රූප ඇතුලේ වටිනා දේවල් දාන්න තරම් අපේ පැරැන්නෝ ගොං නැහැයි කීයලාවත් නොදන්නා “අමු මැට්ටෝ” තමයි නිදන් හොයන්න බුද්ධ රූප වල ශීර්ෂය කඩන්නේ.
    මේ අපතයෝ දන්නේ නැහැ බුද්ධ ධර්මයට වැඩිය වටින දෙයක් ලෝකයේ නැති නිසයි බුද්ධ රූප ඇතුලේ වටිනා දේ නැත්තේ කියල.

Leave a Reply to tikiri Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More